Sunday, January 29, 2012

සිතුවිල්ලෙන් ධනවත් වෙමු.

1 comments
අපි හරි පුංචි දේකටත් අපේ හිත් රිදවගන්නව නේද... හිත් රිදුනම අපිට ඇඬෙනව. ඇස් වලින් කඳුළු පනින තුරු ඇඬුව කියල අපේ හිත් එහෙම පිටින්ම සැහැල්ලු වෙනවද,… නෑනෙ. හැමදෙයක් අවසානයෙම අපට ඉතිරිවෙන්නෙ හිත පිරෙන්න පසු තැවිල්ල විතරයි. අපේ අම්ම, තාත්ත වැරැද්දකට බැන්න කියමුකො. මොන තරම් හිත හොඳින් එයාලා ඒ දේ කලත් අපේ හිත රිදෙනවා. යාළුවෙක් අපිත් එක්ක තරහ වුණත් අපිට දුක හිතෙනවා. අපි හිතන දේ නොලැබී ගියාම, අපේ බලාපොරොත්තු සුන්වුනාම අපි දුක ළග දණ ගහනවනෙ. විභාගෙ ඉහළින් සමත් නොවුණත් එහෙමයි. අපි ආදරේ කරන කෙනාගෙ පුංචි වෙනස් වීමකුත් අපිට දරාගන්න බෑ. මෙකී නොකී හැමදේම නිසා, අපි ඇවිදින ජීවත්වෙන ඕනෑම තැනකදී අපිට දුක හිතෙනවා. කෑ ගහල අඬන්න හිතෙනවා. අද අපිට ආදරේ කරන කෙනෙක් බලන්න යන්න අපි ලස්සනට ඇඳගෙන පාරට බහිනවා. ඔන්න එතකොට මහා ධාරාණීපාත වර්ෂාවක් කඩාගෙන වැටුණොත් කොහොමද ... වැස්ස පරද්දන තරම් කඳුළු උනන දුකකින් අපේ හිත් යායම පිරෙන්නෙ නැද්ද...  මේ වගේ තව කොච්චර නම් ලොකු කුඩා දේවල් නිසා අපේ හිත් කඩාගෙන වැටෙනවද ...
අපිට පසුතැවෙන්න, දුක්වෙන්න, සුසුම් ලන්න මහ ලොකු දේවල්ම සිද්ධ වෙන්න ඕනෙ නෑ. හරි පුංචි දේකින්, සමහරවිට අපි හිතන්නෙවත් නැති දේකින් අපේ අහිංසක හිත්මල් යාය කඳුලින් වැහෙන්න පුළුවන්. අපිට අපිව එපාවෙන වෙලාවල් අනන්ත නැද්ද .... අපි මේ විශාල ලෝකයේ තැනක කාත් කවුරුත් නැතුව තනිවෙලා වගේ දැනෙන වෙලාවල් නැද්ද... මේ ජීවිතේ නැතිකරගන්න ඕනෙ කියල මේ ජීවිත කාලෙට අපිට කී පාරක් නම් හිතෙන්න ඇද්ද.... මේක අපි කාටත් පොදුයි. ජීවිතේම දුකක්, දුක නිවන්න ඕනෙ කියල සාසනේට බාර වෙච්ච ගරු හාමුදුරුවන් වහන්සේලාට පවා මේ ධර්මතාවය පොදුයි. හිතක් ඇතිව සිතිවිලි සමඟ ඉපදුන හැම මිනිහෙක්ම ජීවිතේ ගැන අනන්තවාරයක් කළකිරීම් එක්ක ජීවත් වෙලා තියෙනවා. ඉතිං අපිට මෙහෙම දුක්-කණගාටුව නිසා, කළ කිරීම නිසා, දොම්නස නිසා, පීඩනය නැත්නම් ආතතිය නිසා අහිමි වෙච්ච දේවල් වල වටිනාකම කවුරුවත් ගණන් බලල තියෙනවද ... එහෙම බැලුවොත් මේ මුළු විශ්වයටත් වඩා වටිනා දේවල් අපි ඔක්කොම එකතු වෙලා නැති කරගෙන ඇති. ඒක එහෙම වෙලා තියෙනවා. අපිට ඒත් අපිව සතුටින් ඉන්න උත්සාහයක් ගන්න පුළුවන්.ජීවිතයේ පසුතැවිල්ල නිසා අපට අහිමි වන දේවල් වලින් කොටසක් හරි ඉතුරු කර ගන්න උත්සාහයක් ගන්න පුළුවන්.

ලෝකය දිහා බලමු. ලෝකයේ මිලියන, බිලියන ගාණක් මිනිස්සු ජීවත් වෙනවනෙ. මේ මිනිස්සු ඔක්කොම ඉතාම සරලව ගොඩවල් දෙකකට වර්ග කරමු. සාර්ථක මිනිස්සු සහ අසාර්ථක මිනිස්සු කියල. එහෙම කරන්නෙ කොහොමද කියල අහන්න එපා.... අපි නිකමට හිතමු එහෙම බෙදන්න පුළුවන් කියල. අසාර්ථක මිනිස්සු කියන්නෙ ජීවිතේ අතහැරල ඔහේ ජීවත් වෙනවට ජීවත් වෙන මිනිස්සු. මේ අයට බලාපොරොත්තු, අරමුණු හරි, ඉලක්ක හරි නෑ. ඒ ගොල්ල ජීවිතය දෛවයට බාරදෙනවා.  ප්‍රශ්න විසඳන්න කාලයෙන් උදව් ඉල්ලනවා. තමන්ගෙ වටිනාකම තේරුම් ගන්නෙ නෑ. හැම වෙලාවෙම තමන්ව අවතක්ෂේරු කරගන්නමයි බලන්නෙ. තමන් දුර්වලයි, තමන්ට මොකුත් බෑ කියල හිතනවා. අලුත් දේවල් කරන්න පුංචි උත්සහයක්වත් ගන්නෙ නෑ. තමන් වටේට ඉන්න අයගෙ දොස් දකිනවා. සැක කරනවා. ඊර්ෂ්‍යා කරනවා. පළිගන්න හදනවා. සමාජයට බයයි. හීනමානයෙන් පීඩා විඳිනවා. බලන්න මේ අයගෙ ජීවිත අසම්පූර්ණයි. අනාගතය සුරක්ෂිත නෑ. ගෙදර දොරේ ප්‍රශ්න කන්දරාවයි. රැකියා ස්ථානයේ මොකක් හරි අවුලක්. බොරුවට මිසක් ලස්සනට හිනාවෙන්න බෑ. ලෝකයේ වැඩිපුරම ඉන්නෙ මේ වගේ අය.


හැබැයි අනිත් කණ්ඩායම, ඒ කියන්නෙ අපි සාර්ථකයි කියල වර්ග කරපු කණ්ඩායම එහෙම නෑ. ඒ අය අඳුන ගන්නෙ කොහොමද. අර අසාර්ථක පුද්ගලයෙකුගෙ අපි කතා කරපු ලක්ෂණ වල ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි මේ අයගෙ තිබෙන්නෙ. අරගොල්ලෝ ජීවිතය හැබැයි අනිත් කණ්ඩායම, ඒ කියන්නෙ අපි සාර්ථකයි කියල වර්ග කරපු කණ්ඩායම එහෙම නෑ. ඒ අය අඳුන ගන්නෙ කොහොමද. අර අසාර්ථක පුද්ගලයෙකුගෙ අපි කතා කරපු ලක්ෂණ වල ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි මේ අයගෙ තිබෙන්නෙ. අරගොල්ලෝ ජීවිතය අසුභවාදීව නැත්නම් රිනාත්මකව බලන මේ අයගෙ තිබෙන්නෙ. අර ගොල්ලො ජීවිතය අසුභ වාදීව නැත්නම් රිනාත්මකව බලන කොට මේ අය ජීවිතය සුභවාදීව නැත්නම් ධනාත්මකව බලනවා. ඒක හොඳයි. ඒක නිසා මේ අය නිතරම ඉන්නෙ. සතුටින්. මූණ පුරා ලස්සන හිනාවක් ඇඳී ගිය සුන්දර මිනිහෙක් හරි ගැහැණියක් හරි හිතින් මවා ගන්න බලන්න්. ඒ තමයි සුභ දේ හිතල ජීවිතේ සුභ කරගත්තු අය. අපි ආදර්ශයට, පාඩමට නැත්නම් උපදේශයට ගන්න ඕන මේ අය නේද. එතකොට මේ අය ජීවිතය සුන්දර කරගත්ත හැටියට
අපිටත් ජීවිතය සුන්දර කරගන්න පුළුවන්. අපිට ජීවිතය දින්නා කියල හිතෙන්නෙ එතකොට. අපි ජීවිතය දිනන හැටි ඉගෙන ගන්න අමුතු විද්‍යාවක් හෝ කලාවක් නෑ. ජීවිතයේ අපට හමුවන හැමදේම ක්‍රමවත්ව අභියෝගයක් කරගන්න එකයි කරන්න තියෙන්නෙ. ඒ අභියෝගයට යෝධ හයියෙන් හිත හදාගෙන මූණ දෙන එකයි හොඳම දේ. මේක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි අමාරු දෙයකුත් නෙවෙයි. ඉතාම සරළව විනෝදජනකව ආනන්දනීය ලෙස කරන්න පුළුවන්. ක්‍රීඩාවක් වගේ දෙයක් තියෙනවා. අපි ඒ ක්‍රීඩාවට ප්‍රවේශයක් ගමුද... "ධනාත්මක චින්තනය" Positive thinking             කියන වචනය දැන්නම් බර වැඩි වෙන එකක් නෑ. ජීවිතය ගැන සුභවාදීව හිතල සුභවාදීව ක්‍රියා කරන කලාව "ධනාත්මක චින්තනය" නැත්නම් Positive thinking කියල අපි කියමු.   මේකත් ලෝකයට අවුරුදු ගාණක් පරණ චින්තනයක්. හැබැයි මේක මේ මෑත ඉතිහාසයේ නිතර නිතර කතාබහට ලක්වෙන්න පටන් අරන් තියෙනවා. අපේ වගේ රටවල්, දුප්පත් රටවල් මේ ගැන අලුතින් කතාකරන ගත්තට දියුණු ලෝකයේ රටවලට නම් මේක අලුත් දෙයක් නෙවෙයි. ධනාත්මක චින්තනය ගැන ගොඩක් කතා කරපු, පොත්පත් ලියපු චින්තකයො ගොඩක් ලෝකයේ හිටියා. අදත් ඉන්නවා. මේ අය ධනාත්මකව හිතල ජීවිතය සරු කරගන්න ගොඩක් ශිල්ප ක්‍රම සහ ක්‍රමවේදයන් අපේ දෝතට දීල තියෙනවා. "ඩේල් කානගී " (DALE CARNGIE) කියන්නෙත් ඒ වගේම ධනාත්මකව ජීවත්වෙන හැටි ගැන පර්යේෂණ කරල පොත පත ලියපු කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, කානගී තමන් අදහපු ශිල්ප ක්‍රමය හෝ චින්තනය ප්‍රායෝගිකව භාවිත කරල ඉතාම සාර්ථක ප්‍රතිඵල ලෝකෙට දීපු කෙනෙක්.
“HOW TO STOP WORRYING AND START LIVING “කියන කෘතිය කානගීගේ විශේෂ අත්දැකීම් ගැන ලියවුනු එකක්. ඇත්තටම ඒ පොත කියවන ඕනෑම කෙනෙකුගෙ හිතේ ප්‍රාණයක් ඇතිවෙන බව තේරෙනවා. පසුතැවිල්ල නවතා දමා ජීවත් වෙන්න පටන් ගන්නෙ කොහොමද කියල මේ පොතෙන් කතා කරනවා. කානගීගෙ තවත් පොත් ගොඩාක් මම කියවල තියෙනවා. ඇත්තටම ඉගෙන ගන්න ගොඩාක් දේ තියෙනවා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ “ඩේල් කානගී” ගේ " HOW TO STOP WORRYING AND START LIVIN " කෘතිය තමයි.
අපි " GENERATION + " තුළින් මේ ධනාත්මක චින්තනය ගැන කතා කරන්න වෙනම පිටුවක් වෙන්කළා. හරි සරල දේ ඔයත් එක්ක බෙදාගෙන ඔයාගෙ ජීවිතයටත් නැවුම් ආශ්වාදයක්  අරන් එන්න අපිට පුළුවන් වෙයි. අපි ඉස්සෙල්ලාම ටික ටික පටන් ගමු. ඊට පස්සෙ අත්හදා බලමු. හැමදේම තියෙන තලයක ජීවිතය මල් පොහොට්ටුවක් වගේ පිපෙනවා  දැනෙන කොට ඔයාට ආඩම්බර හිතෙයිනෙ. ඔයගෙ මූණෙ හිනාවෙන් තමයි " GENERATION P + "  එළිය වෙන්න. ඔබට ධනාත්මක සිතුවිළි පහළ වන සුභවාදී හෙටක්!

පුතා සහ පියා - කෝපය කළමනාකරණයේ වැදගත්කම

0 comments
අධික කෝපය නිසා මිනිසා නොමිනිසකු කරයි. සිය මිනිස්කම පමණක් නෙවෙයි අන් අයගේ මනුෂ්‍යත්වය පවා අමතක කර තිරිසනෙකු හෝ මිලේචිඡයකු ලෙස ක්‍රියා කරයි. කොපය කළමනාකරණයේ වැදගත්කම කොතරම් අප ජිවිතයට අවශ්‍යද යන්න දැන ගැනීමට පහත කෙටි කතාව කියවන්න. මහමිතව පඤ්ඤාරතන හිමි සහ මහාචර්ය හෙනරත් ඵචි.ඩී.ඵන්.පී.ඕපාත ලියලා තියෙන ‘නායකත්වය‘(බෞද්ධ මූලධර්ම) පොත කියවීමෙන් ගොඩක් කරැණු දැනගත හැක. උපුටා ගැනීම එළකිරි.කොම් වෙබ් අඩවියෙනි.
පියෙක් සිය නවීන මෝටර් රථය ඵිරිසිදු කරමින් සිටියේය.ඔහුගේ සිවි හැවිරිදි පුතා කාරය ළගට ඇවිත් ගල් කැටයක් අසුලා ඵයින් කාරයේ බොඩියේ යමක් ලිවිවේය.අධික කෝපයටපත් පියා ඔහුගේ අතට අසුවන දෙයින් සිය දරැවාගේ අතට පහර දුන්නේය.ටික වේලාවකින් පියාට අවබෝද වූයේ තමා දරැවාට පහර දී ඇත්තේ මෝටර් රථයේ ටයර් ගැලවීම සදහා බවිත කරන උපකරනයකින් බවය.වහාම දරැවා රෝහලට ඇතුලත් කරන ලදි.
දරැවාගේ ඇගිලිවලට බරපතල ලෙස තුවාල සිදුවී තිබීම නිසා ඇගිලි පහම වෛද්‍යවරැ විසින් ඉවත් කරන ලදි.රෝහලේදී දරැවා පියාගෙන් මෙසේ ඇසුවේය.
“තාත්තේ මගේ ඇගිලි වැවෙන්න කොචිචර කල් යයිද?“
පියාට ඉමහත් වේදනාවක් ඇති විය.රෝහලෙන් ඉවතට පැමිණ සිය නවීන මෝටර් රථය කරා ඔහු ගියේය.තම මොටර් රථයට කීපවරක්ම පයින් ගැසුවේය.මදක් නතර වී සිය දරැවා විසින් රථයේ ලියන ලද දෙය බැලීමට සිතා ඔහු නැමී ඵය කියෙවිවේය.
“තාත්තේ මම ඔයාට ආදරෙයි“
පසුව සිදුවූයේ කුමක්ද?......
පසුදින පියා සිය දිවි නසා ගත්තේය.

පුංචි කතාවකින් ලොකු පණිවිඩයක්

0 comments
දෑස් නොපෙනෙන කුඩා දරුවෙක්, පඩි පෙලක් උඩ, හිස් වැස්මක්ද දෙපා අසල තබාගෙන, හිඳගෙන හිඳී.  ඒ අසලම යමක් ලිවූ පුවරුවකි. එහි සඳහන් වූ‍යේ “කරුණාකර දෑස් නොපෙනෙන මට උදව් කරන්න” යන්නයි.  නමුත් හිස් වැස්මේ වූයේ කාසි කිහිපයක් පමණි.




ඒ අසලින් ගමන් ගත් අයෙකු තම පසුම්බියෙන් කාසි කිහිපයක් ගෙන හිස් වැස්මට දැම්මේය.
අනතුරුව අසල ඇති පුවරුව කියවූ ඔහු එය අතට ගෙන එහි යමක් ලිව්වේය.
එය නැවතත් තිබූ පරිදිම සකසා පිටව ගියේය.
අනතුරුව ඒ අසලින් ගමත් ගත් සියළුදෙනා නව වැකිය සහිත පුවරුව කියවූවෝය.


ඉතා ඉක්මනින් හිස් වැස්ම පිරී ඉතිරී යන්නට විය. ඒ අසලින් ගමන්ගත් සියළු දෙනා මේ දෑස් නොපෙනෙන කුඩා දරුවාට මුදල් දීමට ඉදිරිපත් විය.
එදින සවස්භාගයේ පුවරුව වෙනස් කල පුද්ගලයා එතනට පැමිණියේ කුමක් සිදුවී ඇත්දැයි බැලීමටය.
අඩි ශබ්දයෙන් ඔහු හඳුනාගත් දරුවා ඔහුගෙන් මෙසේ ඇසීය;
“ඔබද අද උදෑසන මෙතනට පැමිණ මගේ පුවරුව වෙනස් කලේ? ඔබ මොනවද එහි ලිව්වේ?”
ඒ ඇසූ ඔහු මෙසේ පිළිතුරු දෙන්නට විය;
“මම කලේ සත්‍යය ලිවීම පමණි. ඔබ ලියූ දෙයම වෙනස් විදිහකින් ලිවීමයි.”
එනම් 
“අද කෙතරම් ලස්සන දවසක් වුවත් එය මට නොපෙනේ”
යන්නයි.
ඔබ සිතනවාද පුවරු දෙකෙන්ම පෙන්නුම් කරනු ලැබූයේ එකම අදහසක් බව. ඇත්ත ව‍ශයෙන්ම ඔබ හරි. එය එසේමය.නමුත් පළමු පුවරුවෙන් කියාපෑවේ ඉතා සරලවම එම දරුවා අන්ධ බවයි.
එහෙත් දෙවන පුවරුවෙන් කියා පෑවේ දෑස් පෙනෙන අනෙකුත් පුද්ගලයන් කොපමණ වාසනාවන්තද ‍යන්නයි. එමනිසා දෙවන පුවරුව ඉතා ප්‍රභබල වීම පුදුම සහගත විය යුතු කරුණක්ද?
ඉතින් ඔබත් ඔබට හිමි දේ ගැන ස්තූති වන්ත වන්න. නිර්මාණාත්මක වන්න. නව වෙනස්කම් ඇති කරන්න.
වෙනස් ආරකින් සිතන්න පෙළඹෙන්න. හැමවිටම ධානාත්මක වන්න.
අන් අය යහපත සහ ප්‍රඥාව කරා කැඳවාගෙන යන්න. ජීවත්වීමේදී නිදහසට කරුණු නොසොයන්න. පසුතැවීමෙන් තොරව ආදරය කරන්න.  සැමවිටම සිහියේ තබාගන්න, ජීවිතය ඔබට හැඬීමට කරුණු 100 ක් ලබා දෙන විට, සිනහ සීමට කරුණු 1000 ක් පෙන්වන බව.  වර්ථමානය විශ්වාසයෙන් ගෙවා දමන්න. අනාගතයට බියෙන් තොරව සූදානම් වන්න. විශ්වාසය තුරුළුකොට ගෙන බය සංකාව හැරදමන්න.
උදාර මිනිසුන් පවසන අන්නදමට  “ජීවිතය යනු අයහපත පිටුදකිමින් යහපත වැඩිදියුණු කිරීම සඳහා වූ,  අළුත් වැඩියාකිරීම් සහ නැවත ගොඩනැංවීමේ අකණ්ඩ ක්‍රියාවලියකි. ‍" ජීවිත ගමනෙහි දුකින් තොරව ගමන් කිරීමට ඔබට අවශ්‍යනම්,  ඔබට හොඳ හෘද සාක්ෂියක් තිබීම අත්‍යාවශ්‍යම වේ.

මිනිසෙකුගේ සිනහවක් දැකීම ඉතාමත් ප්‍රසන්න දෙයකි.  නමුත් එම සිනහව පිටුපස සිටින්නේ ඔබ නම්  එය ඔබට ඊටත් වඩා ප්‍රසන්න දෙයක් වීම නොඅනුමානය.

අපේ දියුණුව වළක්වන්නේ කවුද?

0 comments
විශාල කර්මාන්තශාලාවක සේවකයන් දිනක් දිවා ආහරයෙන් පසු නැවතත් ආයතනයට පැමිනෙන විට දුටුවේ ආයතනයේ ඉදිරි දොරටුවේ තිබූ දැන්වීමකි. එහි සදහන් වූයේ පහත පණිවිඩයයි,
"මෙම ආයතනය තුල ඔබේ දියුණුවට බාධා කල ඔබේ හිතවතා මිය ගියා,ඔහුගේ අවසන් කටයුතු සදහා ශ්‍රවනාගාරය වෙත පැමිනෙන්න"
මෙය දුටු පමනින් සියළු සේවකයන් තමන් සමග එකට සේවයේ නියුතු සහෝදර සේවකයෙකුගේ මරණය පිලිබදව ශෝක වූවත් මද වේලාවකින් ඔවුන් තුල වූ කුතුහලය ඇවිස්සුනේ මිය ගොස් ඇත්තේ කවුරුන් ද යන්න ඔවුන් කිසිවෙකුත් නොදැන සිටි නිසයි.
ශ්‍රවනාගාරය වෙත සේවකයන් ලගා වන විට ඔවුන් තදින් නොසන්සුන් වී සිටියා, "කවුද මටත් නොදැනී මගේ දියුණුවට බාධා කල පුද්ගලයා" සියලු දෙනාගේම සිත් තුල වූයේ එවැනි පැනයක්.මිය ගොස් සිටින්නේ කවුරුන් විය හැකි දැයි අනුමාන කිරීමට ඔවුන් උත්සාහ දැරුවා.
ශ්‍රවනාගාරය තුල තැනූ කුඩා කුටියක් තුල මිනී පෙට්ටිය තැන්පත් කර තිබූ අතර සේවකයන් එකා පසුපස එකා බැගින් තම සගයාට අවසන් ගෞරව දැක්වීම සදහා මිනී පෙට්ටිය අසලට පැමිනියා. මිනී පෙට්ටිය අසලට පැමිනෙන සේවකයන් සියලු දෙනා ඒ තුලට එබී බැලූ විට විශ්මයෙන් ගල් ගැසුනු අතර මුවෙන් එකදු වදනක්වත් පිට වූයේ නෑ.
ඇත්ත වශයෙන්ම මිනී පෙට්ටිය තුල වූයේ කණ්ණාඩියක් පමනයි.මිනී පෙට්ටිය තුලට එබී බැලූ සියලු පුද්ගලයන් ඒ තුලින් දුටූවේ තමාගේම මුහුනයි.ඒ අසලින්ම වූ කුඩා සටහනක මෙසේ සදහන් වූවා,
"ඔබේ දියුණුවට සීමා පැනවිය හැකි මෙලොව සිටින එකම පුද්ගලයා ඔබම පමනයි"
ඔබේ ජීවිතය පරිවර්තනයකට භාජනය කල හැකි එකම පුද්ගලයා ඔබ පමනයි,ඔබ ඔබේ ජීවිතය තුල ලබා ගන්නා සතුට පාලනය කල හැක්කේත් ඔබට පමනයි,ඔබ ජීවිතය තුල ලබා ගන්නා සාර්ථකත්වය තීරණය කල හැකි වන්නේත් ඔබටම පමනයි.
ඔබේ ආයතනය වෙනස් වන විට,ඔබේ ප්‍රධානියා වෙනස් වන විට,ඔබේ මිතුරන් වෙනස් වන විට,ඔබේ සහකරුවා/සහකාරිය වෙනස් වන විට ඔබේ ජීවිතය වෙනස් වන්නේ නැත.,ඔබේ ජීවිතය වෙනස් වන්නේ ඔබ වෙනස් වන විටයි,ඔබ ඔබට හැකි යැයි ඔබ විසින්ම පනවාගෙන ඇති සීමා පසු කර යන විටයි,ඔබේ ජීවිතයට වගකිවයුතු වන්නේ ඔබම පමනක් බව ඔබ වටහා ගත් විටයි.

Monday, January 9, 2012

ධනාත්මක චින්තනය ගොඩනගා ගන්නේ කෙසේද?

0 comments
ධනාත්මක චින්තනය වර්ථමානයේ ප්‍රසිද්ධ මාතෘකාවකි. මන්ද මේ නිසා ලැබ ගතහැකි බොහෝ සම්පත් හා පුද්ගල සංවර්ධනය නිසාය.වත්මන් සමාජයේ මිනිසුන්ට ඇති ප්‍රශ්න නිසා මානසික පීඩනයෙන් ජනතාව මිරිකී සිටිති.මේ නිසා එයින් මිදෙන්නට කල හැකි දේවල් පිලිබද ජනතාව නිතර විමසිල්ලෙන් සිටිති. ධනාත්මක චින්තනයත් ප්‍රසිද්ධ මාතෘකාවක් වී ඇත්තේ එහෙයිනි.ධනාත්මක චින්තය පිළිබද පොත් කියවුවත් දේශන කොපමණ ප්‍රමාණයකට සහභාගිවුවත් තමා තුල නිවැරදිව තමාගේ සිතුවිලි පිළිබද අදහසක් නොමැති නම් ගැටඵවකි.මන්ද අපගේ සිතුවිලි තේරුම් ගැනිමට නම් ඒවා ගැන අප හොදින් අධ්‍යනය කල යුතුය.කිසි විටක අප, අප විසින්ම රවටා නොගත යුතුය. යථාර්ථය සදහා හොදින් ‍අපගේ සිතුම් පැතුම් හැදිනිය යුතුය.
අප ධනාත්මක චින්තය ඇතිකර ගැනීමට පළමුව අප තුල දැනට ඒ සිතුවිලි කොපමණ ප්‍රමාණයක් රැදී ඇත්දැයි අවංකව අ‍වබෝධ කර ගත යුතුය. ඊට පසු ටිකෙන් ටික ධනාත්මක සිතුවිලි වර්ධනය කර ගත යුතුය.
මුලින්ම අප සතු දුර්වලතාවයක් වන පහත සිතුවිලි සිතෙන් අයින් කර ගන්න උත්සහ කරන්න.

මේක හරියන්නේ නෑ...
මට බෑ...
මට හරිගියොත් තමයි පුදුමේ...
මම දන්නවානේ මට බෑ කියලා...

ඔබ දන්නවද අපිට හරියන්නේ නෑ කියලා හිතුවොත් වෙන්නේ ඒකමයි..

අපි හිතන විදියට අනුව අපේ පරිසරය ඉබේම හැඩ‍ගැහෙන්නේ හරිම පුදුම විදිය‍ට..

ඔබටත් පුලුවන් මේ බව අත්හදා බලන්න.. අපේ සිත හරිම ප්‍රභලයි. අපි යමක් සිදුවෙනවා කියලා තදින් විශ්වාස කලොත් එය සිද්ධ වෙනවාමයි.. නමුත් අපි සිද්ධවෙනවා කියලා විශ්වාස කරන්නේ අපිට අවාසි වෙන දේවල්.. අපිට පාඩු වෙන දේවල්.. මම විභාගේ පේල්‍ වෙයි.. ආදි ලෙස සිතන්නේ නැතිව මං විභාගේ පාස් වෙනවාමයි කියලා හිතන්න පුරුදු වෙන්න.. ඔබට පුදුම හිතෙයි.. ඔබට පාඩම් කරන්න හිත පමණක් ‍නොවේ ඔබේ පරිසරයත් ඊට උචිත පරිදි වෙනස් වෙනකොට..

අපි නිතරම හිතන්නේ අසුභවාදී සිතුවිලි නිසා තමයි අපිට කරදරම එන්නේ.. විවිධ ශාරීරික රෝගාබාධ (සියල්ල නොවේ) මෙම විශ්වාස මගින් සුවකල හැකි බව ඔබ දන්නවාද?

සෑම දිනකම උදෑසන අවදිවන විට අද දින මට ප්‍රීතිමත් සාර්ථක දිනයක් තමයි.. කියලා හිතාගෙන අවදිවෙන්න.. අනිවාර්යෙන්ම ප්‍රීතිමත් හා සාර්ථක දිනයක් වෙනවාමයි.. හැබැයි මේක එක දවසක් කලාට මදි සති කීපයක් කරන්න.. මොකද නියම විශ්වාසයක් නැතිව සිතුවට මෙය සිද්ධ වෙන්නේ නෑ.. (විශ්වාසය වර්ධන වෙන්න සති කීපයක් යන්න ඉඩ තියෙනවා..)

සෑම විටම මට බැරිවෙයි කියලා හිතෙන කොට ...නෑ.. මට ඇයි බැරි වෙන්නේ මම උස්සහ කරලා කොහොම හරි ජය ගන්නවා කියලා අවංකවම හිතන්න.. ඔබගේ සිතුවිලි වල වල අවංක භාවය හා විශ්වායයේ තරම අනුව සාර්ථකත්වය ඔබ සතුවෙයි.

මා නිරීක්ෂණය කර ඇති පරිදි බොහෝ මුදල් ඇති සාර්ථක ව්‍යාපාරිකයින් අනිවාර්යයෙන්ම ධනාත්මක චින්ත‍නයෙන් පිරිපුන් අයයි.ඔවුන් කථා කරන දේ සිතන දේ නිතරම ධනාත්මක අදහස් වලින් පිරී ඇති බව මා දැක ඇත.

"ඔබ සාර්ථක අයෙකු වීමට යන බව ඔබ සිතන්නේ නම් ඔබට එය කල හැකිය."

ජයග්‍රහකයෙකු ලෙස සිතන්න.. ජයග්‍රහකයෙකු‍ ලෙස ක්‍රියාකරන්න.. එවිට ඔබ ජයග්‍රහකයෙකු වනු ඇත්තේ ඔබටත් නොදැනීය...

ඹබ සැබවින් ම ධනාත්මක ද?

0 comments

පුද්ගලයාට හැකියාව ඇත්නම් ලෝකයා තමාට ගරහන විට පෙරළා ලෝකයාට නො ගරහා සිටීමට, වෛර කරන්නන් අතර අවෛරී වීමට, මෙවන් අයකුට මෙලොව අන් කිසිවකුට ලබාගත නොහැකි ආකාරයේ සුන්දර සිතක් ඇතිකරගත හැකි යි. මෙන්න මේ සුන්දරත්වය නිර්මාණය වීමේ මූලික සැලැස්ම සකස් වන්නේ, අනිත්‍ය ධර්මය මතම යි. ඒ අනිත්‍යයට යමකු ගරහනවා නම් ඒ පුද්ගලයාට අර කුණු ගඳ ගහන ජීවිතය මත ම යි, සිටින්නට සිදු වන්නේ.
ධනාත්මක චින්තනය අද වන විට ඉතා ම ජනපි‍්‍රය මාතෘකාවක්. මේ පිළිබඳ විශාල අවධානයක් වත්මන් සමාජයේ පවතිනවා.
වත්මන් සමාජය ධර්මය සිහිපත් කිරීමට බියපත්ව සිටින්නේ එයින් සමාජයේ ඉදිරිගමන අඩපණ වේ යැයි යන පදනම් විරහිත බිය නිස යි.
එහෙත් අනිත්‍යය ගැන කතා කළ සමාජය මෙරට ගොඩනැංවූ ලෝකෝත්තර මෙන්ම ලෞකික සමෘද්ධිමත්භාවය ඒ ගැන අවධානය යොමු නො කරන සමාජයට උදාකර ගැනීමට හැකියාව ලැබී නැහැ.
ධනාත්මක චින්තනය පිළිබඳ ධර්මානුකූල විග්‍රහයක් මෙවර අප ඉදිරිපත් කිරීමට සූදානම්. මේ චින්තනය මුළුමනින් ම පදනම් වී තිබෙන්නේ ලෞකික දියුණුව ඉලක්ක කර ගනිමිනුයි. අපි මේ ගැන වඩා පුළුල් අවධානයක් මෙතැන් පටන් යොමු කරමු.
වත්මන් සමාජයට වඩාත් වැදගත් ලෞකික කාරණා කිහිපයක් පමණයි. මේ පදනම මත පිහිටා සමහරුන් කියා සිටිනවා මිනිසුන්ට ධර්මාවබෝධය, එසේත් නැතිනම් චතුරාර්ය සත්‍ය පිළිබඳ දේශනා කිරීම අවශ්‍ය යි කියා. මේ අය පවසනවා වර්තමානයේ තිබෙන ප්‍රබල ම අවශ්‍යතාව දිළින්දාට උපකාර කිරීමයි කියා. නිවෙසක් නැති පුද්ගලයාට නිවෙසක් තනාදීම, වස්ත්‍ර නැති අයට ඒවා දීම, ආහාර නැතිනම් ආහාර දීම වැනි කාරණා යි ඉෂ්ට කළ යුතු කියා. ඉතින් මෙය නම් කළයුතු ඒ වෙනුවෙන් ම සැදී පැහැදී තිබෙන ආගම් පවතිනවානේ. නිවෙස් ඇඳුම්, ආහාර පිරිනමන ආගම් නැද්ද? එහෙම ආගමකට එහෙම අය යන්න ඕනෑ. එතකොට ප්‍රශ්නෙ ඉවරයි.
ජීවිතාවබෝධය ගැන කතා කරන්නේ එක ම එක දර්ශනයක් පමණයි. ඒ අප තථාගතයන් වහන්සේ ගේ ධර්මය යි. මෙවන් ජීවිතාවබෝධයක් ලබා දෙන ධර්මය සමාජයක් විසින් හෙළා දකිනු ලබන්නේ නම්, එවිට ඒ සමාජය අත්පත් කර ගන්නේ කුමක් ද? එවන් සමාජයකට ලබාගත හැකි යමක් නැහැ. කුමන චින්තනයක් හඹා ගියත් ඵලක් ලැබෙන්නේ නැහැ.
යම් යම් ආගම් පවතිනවා ලෞකික කාරණා ම මූලික කරගෙන කටයුතු කරන අපේ බහුතර සමාජය ඒවාට යොමුවෙලා නැහැ. ඒ වාගේ ම ජීවිතාවබෝධය උදාකර දෙන මේ ධර්මයට යොමුවීමක් ඇත්තේත් නැහැ. චන් මේ කාරණා දෙකින් ම තොර වල්මත් වූ සමාජයක් තමයි, දකින්නට ලැබෙන්නේ.
යම් දවසක අපේ සමාජය අනිත්‍ය ධර්මය ගැන මූලික වශයෙන් කතා කරන තත්ත්වයකට පත් වුවහොත්, ඒ සමාජය ගුණ ගරුක, කර්ම, කර්මඵල ගැන විශ්වාසය ඇති, සදාචාර සම්පන්න, මනා ආචාර ධර්ම අනුව සකස් වූ එකක් වේවි. මේ අනුව නිරායාසයෙන් ම උසස් මනුෂ්‍යයන් බිහි වේවි. දැන් අප මීට පෙර සලකා බැලුවා, මනුෂ්‍යයා කොතරම් කැමති ද කියා සුන්දරත්වයට.
බටහිර සමාජය, සුන්දරත්වයට තිබෙන විශාලම බාධාව ලෙස සලකන්නේ, සෘණාත්මක චින්තනය යි. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසයි ධනාත්මක චින්තනය ව්‍යාප්තව ඇත්තේ. සෘණාත්මක චින්තයට අනුව ජීවත් වුවහොත්, ජීවිතය අඳුරු ගූඪ එකක් වනවා. ඒ වාගේ ම පරායට පත් චරිත බිහිවනවා කියා පැවසෙනවා. මේ නිසා ඒ අයත් චින්තනය හෙළා දුටුවා. කෙසේ හෝ වේවා සෘණාත්මක හා ධනාත්මක චින්තනය යන මත දෙක ම, බටහිරින් බිහි වූ ඒවා යි. මේ මත දෙක ම අපට අවශ්‍ය නැහැ. මා ඉතා වගකීමෙන් මේ අදහස ප්‍රකාශ කරන්නේ, ධනාත්මක චින්තනය යන අදහසට මේ සමාජය අද වශීතෘතව පවතින ප්‍රමාණය පිළිබඳ විශේෂ අවධානයකින්.
අපි මේ විවිධ චින්තන පසෙක දමමු. අපට අවශ්‍ය වන්නේ යමක් කරන්නේ කෙසේ ද යන ආකල්පය පමණයි. මෙන්න මේ කාරණාවේදී ඊළඟට තවත් ප්‍රශ්නයක් මතු කළ යුතුයි. එනම් එසේ එය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල මොනවා ද යන්න යි. ඒ වාගේ ම ඒ ප්‍රතිඵල අපට කෙසේ බලපාවි ද යන කාරණාවත් ඉතා වැදගත්.
මේ ආකාරයට මේ ධර්මයෙන් ම පමණයි, අප නිවැරැදි චින්තනයකට යොමු කරවන්නේ.
අපි බලමු. දැන් මේ සමාජයේ සිටිනවා, මුළුමනින්ම ධනාත්මක චින්තනයට ම යට වී කල්පනා කරන ඇතැම් අය. ඒ අය සිය ජීවිතවල සියලු කාරණා ගැන කල්පනා කරන්නේ ධනාත්මකව ම යි. එවැන්නන් විශාල ඉලක්ක, සැලසුම් සාදාගෙනයි ජීවත් වන්නේ. ඒත් මේ ගොඩනඟා ගත් කාරණාවලට අදාළ ලෙස මෙවන් පුද්ගලයකු ගේ මනස සැකසී නැත්නම්, ඒ වාගේ ම ඔහු ගේ පුණ්‍ය වාසනාව මීට අදාළ ව සකස් වී නොමැති නම් මේ කාරණා ඉලක්ක සපුරා ගැනීමට හැකි වන්නේ නැහැ. මෙයින් පසු, ඔහු මේ නිසා ම විශාල කඩාවැටීමකට ලක්වනවා. මානසික ආතතියකට පත්වනවා. මොන තරම් උත්සාහ කළත් තමාගේ උත්සාහයේ ප්‍රතිඵල නැතිබවට කළකිරෙනවා. මෙන්න මෙහෙම වුණා ම මෙවන් පුද්ගලයෙක් යොමු වනවා, මෙහිම ඊළඟ අන්තයට. එනම් සෘණාත්මක චින්තනයට. මේ තුළ කිසි ගොඩනැගීමක් ඇත්තේ නෑ. මේ නිසා මේ චින්තන දෙවර්ගය ම සමාජයකට සුදුසු නැහැ. ඒවා ප්‍රායෝගික නැහැ. මා කලින් පැවසූ පරිදි යමක් කළ හැකි කෙසේ ද යන්න සහ එහි ප්‍රතිඵල අපි කෙසේ භුක්ති විඳිමු ද ආදී වශයෙන් ම යි, අපි කල්පනා කළ යුත්තේ.
දැන් තවත් භයානක අන්තයකට ඇතැම් අය තල්ලු වෙලා. ධනාත්මක චින්තනයකින් යුතු වන පුද්ගලයා ලස්සනට ජීවත්විය යුතු යැයි නිතර ම සිතනවා. මෙසේ සිතා ඒ වෙනුවෙන් සොරකම් කිරීමට යොමු වනවා. කොමිස් ගහනවා. ඒ විතරක් නොවෙයි තමා ගේ සමෘද්ධිය ගැන අන් අය ඉදිරියේ උදම් අනනවා. ඒත් මෙවන් පුද්ගලයන් ගේ ඇතුළාන්තයේ කුණු. ඇතුළ ජරා ගොඩක්.
මේ විදියට බාහිරව යමෙක් පෙන්නුම් කළත් තමන් ධනාත්මක පුද්ගලයෙක් කියා එවැන්නකුගේ අභ්‍යන්තරයේ පවතින්නේ අසුචි කන්දක්.
බුද්ධ දේශනා සමඟ නම් මේ ධනාත්මක, සෘණාත්මක ආකල්ප කොහෙත්ම ගැළපෙන්නේ නැහැ. ධර්මය පෙන්වා දෙන්නේ ජීවිතයේ සැබෑ තත්ත්වය යි. මිනිස් ජීවිතයක දී අපට ළඟා කරගත හැකි මොනවාද? ඒ ජයග්‍රහණ ළඟා කරගත්විට මිනිසාට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?
ලස්සනට ජීවත්වීමට කැමැති පුද්ගලයා වටහා ගත යුතුයි, තමා ලස්සන විය යුතු බාහිරින් පමණක් නො වන බව. ආභරණ පැළඳීමෙන් පමණක් සුන්දර වී ඵලක් නැහැ. පුද්ගලයකු සුන්දර විය යුතු ඒ පුද්ගලයා ගේ ජීවිතයට බලපාන ප්‍රධානතම කාරණාව තුළ යි. එනම් චේතනාත්මක ක්‍රියාව තුළයි.
මෙන්න මේ චේතනාත්මක ක්‍රියාව තුළ පුද්ගලයා සතුන් මැරීමෙන් වැළකී සිටියොතින්, ඒ වාගේ ම සොරකමින්, වැරැදිකාම සේවනයෙන්, බොරු කීමෙන්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් දුරස් ව සිය පැවැත්ම සාදාගතහොත්, තවද කේළමින් තොර ව, ඵරුස වචන, හිස් වචන හා අනුන් කෙටවීමෙන් තොර ව, අනුන් නො ගරහන චරිතයක් තමා තුළ වර්ධනය කර ගන්නවානම්, ඒ ක්‍රියාමත විශාල සුන්දරත්වයක් ගොඩනැඟෙනවා. මේ පුද්ගලයා ගේ වචන තුළ සුන්දරත්වයක් පවතිනවා.
අපි හිතමු මෙහෙම. කිසියම් කාන්තාවක් සිටිනවා නිතරම සිය තොල්පට ආලේප කරන. ඒත් මොන තරම් දත් දෙපළ සුදින් බැබැළුණත්, මුවෙන් පිටවන්නේ මුසා බස් නම්, කේළාම් නම්, ඵරුස සහ හිස් වචන ම නම්, බාහිරින් පෙනෙන සුන්දරත්වයෙන් කුමන ඵලයක්ද? ඒත් ධනාත්මක චින්තනය ගැන කතා කරන පුද්ගලයකුට වැදගත් වන්නේ, බාහිර පෙනුම ම යි. සමහර විට එවන් අයකුට මුවින් පිටවන වචන ගැන තක්සේරුවක් නැහැ. රූපය ලස්සන නම් ඒ ඇති.
ඒත් ධර්මය ගැන කතා කරන පුද්ගලයා හැමවිට ම සලකා බලන්නේ මුව ගැන නො වේ. මුවින් පිටවන දේ ගැනයි. ඒ මත යි සුන්දරත්වයක් අත්විඳින්නේ. ඔබට මෙයින් පැහැදිලි ඇති ධර්මය හා ධනාත්මක චින්තනය යන දෙකරුණ අතර යමක් තක්සේරු කිරීමේ දී ඇති වෙනස.
පුද්ගලයකු, මම කලින් සඳහන් කළ වාග් දුශ්චරිතවලින් තොර වී සිටින විට, ඔහු හැමවිට ම වැදගත් කතාබහින් යුතු වනවා. මේ නිසා ම වැදගත් වචන හසුරුවන වැදගත් කෙනෙකු බවට මේ පුද්ගලයා පත්වනවා. මේ වැදගත් බව මත සුන්දරත්වයක් ප්‍රකට වීමට පටන් ගැනෙනවා. එයා සැබවින්ම ධනාත්මක යමක්. මීළඟට මේ පුද්ගලයාට හැකියාව ඇත්නම් ලෝකයා තමාට ගරහන විට පෙරළා ලෝකයාට නො ගරහා සිටීමට, වෛර කරන්නන් අතර අවෛරී වීමට, මෙවන් අයකුට මෙලොව අන් කිසිවකුට ලබාගත නොහැකි ආකාරයේ සුන්දර සිතක් ඇතිකරගත හැකි යි.
මෙන්න මේ සුන්දරත්වය නිර්මාණය වීමේ මූලික සැලැස්ම සකස් වන්නේ, අනිත්‍ය ධර්මය මතම යි. ඒ අනිත්‍යයට යමකු ගරහනවා නම් ඒ පුද්ගලයාට අර කුණු ගඳ ගහන ජීවිතය මත ම යි සිටින්නට සිදුවන්නේ. සැබෑ සුන්දර මිනිසා බිහි කරන්නේ, බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය ම යි. පුද්ගලයෙක් සුන්දරත්වයට පි‍්‍රය නම්, ඒ පුද්ගලයා සුන්දර ක්‍රියා සපුරන්නකු විය යුතුයි. පි‍්‍රය වචන කතා කරන්නකු විය යුතුයි. සුන්දර සිතිවිලි ඇත්තකු විය යුතුයි. ඒත් මේ සුන්දරත්වය ගොඩනැඟීම ඉතා අපහසු යි. මෙය ධනාත්මක චින්තනයෙන් මෙහෙයවෙන පුද්ගලයා දකින සුන්දරත්වයට වඩා වෙනස්.
කොහොම නමුත් වටිනා දුර්ලභ දේ සෑම තැනක ම, සෑම විටක ම ඇත්තේ නැහැ. බලන්න දුර්ලභ පැළෑටියක් අරන්. ගොයමක් වවන්නට පටන්ගත් විට ඊට හානි කරන සතුන් ප්‍රමාණය කො තරම් ද? ගොයමකට හානි කිරීමට එතරම් සතුන් ප්‍රමාණයක සැදී පැහැදී සිටිනවා නම්, උදාර චරිතයක් නිර්මාණය වන්නට යන විට ඊට කොතරම් බාධක ඒවිද? ඒත් මේ පැමිණෙන සියලු බාධක ජය ගෙන උදාර චරිතයක් තමා තුළ ගොඩනඟා ගැනීම, ඉතා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්.
ධනාත්මක චින්තනය අනුව බාහිර පියකරු බවට ම ලොල් වී කටයුතු කරන පුද්ගලයා මෙයින් තුරුණු වියේ දී අභිෂේක ලබන්නට පුළුවන්. මුළු ජීවිතේ ම ඇතැම් අය කැප කරන්නේ රූපය වෙනුවෙන්. ඒත් මේ පුද්ගලයා ක්‍රමයෙන් වයසට යෑමේ දී සිදුවන්නේ කුමක් ද?
වර්තමාන සමස්ත ලෝකය ම බටහිර සමාජයේ ගොදුරක්. මතවාදවලට ගොදුරු වූ චරිත තමයි අප සමාජය මෙහෙයවන්නට සූදානමින් සිටින්නේ. බටහිරින් පැමිණි ධනාත්මක, සෘණාත්මක ආදී විවිධ චින්තන අන්ධානුකරණයෙන් වැළඳ ගනු වෙනුවට (මේවා වැළඳගෙන, ඒවා තම චින්තනයක් බවට පත්කරගෙන දුක් විඳිනු වෙනුවට) අප ස්වාධීන වීම යි වැදගත්. ඒ ස්වාධීනත්වයට අවශ්‍ය සියලු කාරණා ධර්මයෙහි අන්තර්ගත යි. නුවණ, වීර්යය ගැන මෙතරම් කතාකළ වෙනත් දහමක් නැහැ. අපේ මුළු මහත් සමාජයටම නැගී සිටින්නට, එය ම සෑහෙයි.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.
සාකච්ඡා කළේ – තනූජා ධර්මපාල
(බුදු සරණ පුවත්ප‍තේ පළ වූ ලිපියකි)

උද්යෝගිමත් අයෙකු ලෙස හැසිරෙන්න.

0 comments
සාර්ථකත්වය කරා ළගා වීමට අවශ්ය ප්රධානම සාධකය වන්නේ උද්යෝගිමත් සිතිවිලිය. උද්යෝගිමත් කතාව හා උද්යෝගිමත් හැසිරීම් ය. උද්යෝගිමත් මානසිකත්වයක් ඇති කල්හි එමගින් ආත්ම විශ්වාසය ගොඩ නැගේ. එසේම උද්යෝගිමත් බව බෝවෙන සුළුය. උද්යොගිමත් ගුරුවරයා පංති කාමරයට ඇතුල් වන විටම සිසුන් තුළ උද්යෝගය ජනනය වේ.ක්රීඩා කණ්ඩායමක උද්යෝගිමත් නායකයෙකුට, උපනායකයෙකුට පමණක් නොව ක්රීඩයකුට වූවද මුළු කණ්ඩායමේ ම ජවය ඉහළ නැංවිය හැක.

උද්යෝගිමත් නරඹන්නන් සිටින පාපන්දු පිටියක, මලල ක්රීඩා තරගයක උද්යොගය, ක්රීඩා කරන්නන්ගේ ජවය හා බලය ඉහළ නැංවීමට උදවු වේ. යමෙකු කතා කරන අයුරින් , හිස ඔසොවා බලන අයුරින් , අතට අත දී අචාර කරන අයුරින් උද්යෝගය ජනනය කළ හැකිය. මෙය කවර අයෙකුට වූවත් පුහුණුවිය හැකි ළගා කරගත් හැකි, අභ්යාස කළ හැකි, ජීවිත සාර්ථකත්වයට බෙහෙවින්ම උපකාර කර ගත් හැකි ශක්තියකි.

පෝඩ් ව්යාපාර ක්ෂේත්රය හා සම්බන්ධ වානේ කර්මාන්ත ශාලා පද්ධතියේ වැඩිම වැටුප් ලැබු නිලධාරියා වුයේ චාල්ස් ස්වොබ්ය.ඔහු වානේ කර්මාන්ත ශාලාවල සේවය කළ ද ඔහු වානේ ගැන කිසිවක් දැන සිටි අයකු නොවේ. ඔහුට ඉහළම වැටුප ගෙවීමට හේතුව කුමක්ද යැයි ඇසු විට ඔහු කීවේ, තමා වානේ ගැන නොදැන සිටියත්, වානේ කර්මාන්ත ශාලාවේ යන්ත්ර සුත්ර ක්රියාත්මක කරන මිනිසුන් ගැන හොදින් දන්නා බවයි.මිනිසුන් සතු උපරිම ශ්ක්තිය මතු කර ගත හැක්කේ, ඔවුන් අගය කිරීමත්, උද්යෝගිමත් කිරීමත් මගින් බවත් ය.

ඔබ ජීවත් වන කාලයේ පණ ඇති, ජව ඇති, බල ඇති ජීවියකු වන්න. ජීවත් වන අතර තුර මළ මිනියක ලෙස ජිවත්වීම සොබා දහමට පිටුපා යාමකි.සාමාන්ය දක්ෂතා ඇති අයකු වූවද විශිෂ්ටයකු බවට පත්කරලීමට හැකියාව ලැබුනුයේ උද්යෝගිමත් බව එන්නත් කිරීමෙනී.උෂ්ණත්වය එක අංශයක් වැඩි වූ කල්හි ජලය වාෂ්ප බවට පත්වේ.එම වාෂ්ප බලයෙන් දැවැන්ත යන්ත්ර සුත්ර ක්රියා කරවිය හැකි ය. උද්යෝග්යද අප තුළ ම ඇති, එහෙත් ලං කරගත යුතු ශක්තියකි. බලයකි. ධනාත්මක පෞරුෂයක් ඇති පුද්ගලයා උද්යෝගිමත් බවින් යුතු අයෙකි.

ඇතුලත උණුසුම් වුන, රත් වුන යමහලක් වැනිය. ඇතුලත උද්යෝග්ය බැහැරට නිකුත් වනුයේ අන් අයට ද දැනෙන පිරිදි ය. ඔබත් යමහලක් වන්න. දැවෙන උද්යොග්යෙන් යුතු වන්න . එවිට ඔබ මෙලොව සිටින බව බාහිර ලෝකයා දැන ගනු ඇත. දැක ගනු ඇත.

"උද්යෝග්ය නොමැතිව ලොව දිනා ගත් කිසිවක් නොමැත"
(රැල්ප් වැල්ඩෝ එමර්සන්

Saturday, January 7, 2012

ධනාත්මක සිතක් පවත්වා ගන්නා හැටි

0 comments
චෛතසික ස්වභාවයන් බොහොමයක් මිනිසා සතුයි. අයෙක් කුතුහලයෙන්, විවෘත බවකින්, සලකා බැලීමකින්, ජවයකින් ලෝකය දිහා බලද්දී තවත් අයෙක් මුරණ්ඩුව, අලසව, කුසීතව, අල්ලා ගත් මතවල එල්බ ඉන්නවා. පළමු වැන්නා ධනාත්මක හැදියාවක් ඇත්තෙක්. දෙවැන්නා ඍනාත්මක හැදියාවක් ඇත්තෙක්. පළමුවැන්නාගේ මොළයේ නියුරෝන ක්‍රියාවලිය නිසා ඇතිවන මොළයේ රසායන මඟින් මොළයත් සිරුරත් නිරෝගී හා වඩාත් ඵලදායී කරද්දී දෙවැන්නාගේ මොළයේ ඇතිවන අහිතකර රසායන මඟින් මොළයත් සිරුරත් රෝගී හා ඵලදායිත්වයෙන් අඩු කරනවා.
ධනාත්මක සිතක් කියන්නෙ හැම තිස්සෙ ම මවා ගත්තු සිනාවකින් තමන් රවටා ගැනීමක් නෙමෙයි. එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන සිදුවීම් වල දී ආවේග අත්දකින්න හැකියාව ඇති සිතක්. අනිත් අය තමන් මුහුණ දෙන ආවේගයකින් අඩපණ වෙලා පසුබසිද්දී, එයින් පසුබට නොවී සාර්ථකත්වය කරා ඉක්මණින් යන්න පුළුවන් සිතක් ඇති අයෙක්.
තමන්ව පුරුදු පුහුණු කරගත්තාම ඍනාත්මක හැදියාවක් ඇති අයෙකුට ද, කැමැත්ත හා වෑයමේ තරමට, ධනාත්මක හැදියාවක් ඇති කරගන්න හැකියාව මිනිස් මොළයේ තියෙනවා.
තමා අතින් වූ නිශ්ඵල ක්‍රියාවන් දැක මනස්තාපයට පත් නොවී ඉන්න ධනාත්මකව සිතන්නාට පුළුවන්. ඍනාත්මකව සිතන්නා යම් බලාපොරොත්තු කඩ වීමක දී වෙනත් බලාපොරොත්තු ඇති කර ගැනීමට පසුබටයි. සමහර විට බලාපොරොත්තු ඇති කර ගැනීමෙන් ඒවා කඩ වේ යැයි කියා බලාපොරොත්තු ඇති කර ගැනීමෙන් ඈත් වී සිටියි.
යමකින් ඵලක් නැතැයි වැටහීමෙන් එය අත්හැර දැමීම වැඩි උත්සාහයක් නැතිව දරා ගන්න පුළුවන් චෛතසිකයක ධනාත්මකව සිතන්නා ඉන්නෙ. කාලයක්, මුදලක්, කැප කිරීමක් කරපු යමක් නිශ්ඵල යැයි දැක්කාම ඒක අත්හැරලා දාන්න හැකි ශක්තියක් ඇති අය. කාලය, මුදල් හා වෙහෙස යට කරපු නිසා, එහි ම නියැලී ඉන්න අය ඒ ගැන වෙනසක් කරන්න හිතන්නත් අකමැතියි.
ධනාත්මකව සිතන්නෙක් හැම විට ම තමන් ගැන විමසන්නෙක්. නිතරම තමන්ගෙ ප්‍රස්තුත නිවැරදි දැයි සොයා බලන්නෙක්. ඒවා වැරදි නම් නිවැරදි කරගන්න පසුබට නොවෙන්නෙක්.
ධනාත්මකව සිතන්නා තරඟ කරන්නෙ පිරිසිදු බවකින් මිසක් හොර බොරු වංචාවෙන් නෙමෙයි. තමන්ගෙ සිතේ හයිය ගැන විශ්වාසයක් ගොඩ නැඟෙන්නෙ හිතට හොර බොරු වංචා කරලා නෙමෙයි.
එකට එකක් කරන්න හිතෙන ආවේගයන් අයින් කරගන්න ධනාත්මක චෛතසිකයක් ඇත්තාට පහසුයි. මොකද, අනික් එක්කෙනාට වඩා ඉහළින් නෙමෙයි තමන් වැඩ කර යුත්තේ. මා වැඩ ගන්නේ සියල්ලන්ට ම වඩා ඉහළ තැනක ඉන්නා මගේ සිතින්. ඒ නිසා මගේ සිතින් වැඩ ගනිද්දී මා වැඩ කළ යුත්තේ මගේ සිත සතුටු කරන්න මිසක් වෙන කාටවත් පෙන්වන්න නෙවෙයි.
ඒ වගේම ජයකින් මත් වෙන්නෙත් නැහැ. ධනාත්මක චෛතසිකය දන්නවා එයයි ජයගන්නෙ කියලා … ඉතින් ජයගත්තාම කුල්මත් වෙන්නෙ අහවල් කාරියකට ද?!!!
පැරදුනාම කනස්සල්ලෙන් කාලය ගෙවන්නෙත් නැහැ. පැරදුනේ කුමක් හෝ නිවැරදි ව කරපු නැති නිසයි. ඒ කුමක් දැයි සොයාගන්න උත්සාහයේ දී කනස්සල්ලට සිතේ ඉඩක් නැහැ. ඊ ළඟට එය නිවැරදි කරගන්න උත්සාහයේ දී ද කනස්සල්ලෙන් කාලය ගෙවන්න සිතේ ඉඩක් නැහැ.
ඕනෑම වැඩකට අත ගහද්දී ධනාත්මක චෛතසිකයක් ඇත්තාට නීතිමය, ආචාර ධාර්මික හා සදාචාර වූ සීමා දකින්න පුළුවන්. ඒවා පැත්තකට දාලා වැඩේට අත ගහන්නෙ ඍනාත්මකව සිතන අය. ඍනාත්මක සිතක් තමයි නීතිය, ආචාර ධර්ම හා සදාචාරයෙන් බැහැර වි මිසක් නැත්නම් වැඩක් කරගන්න බැහැ කියල හිතන්නෙ.
ධනාත්මක සිතක හැදියාව තමයි සිහින මවන්න හැකියාව තිබ්බට සිහින මාලිගාවක ජීවත් නොවීම.
අපේ හිත්වල ඔටෝමැටික් සිතුවිලි නිතර නළියනවා. ඔටෝමැටික් සිතුවිලි කියන්නෙ යම් දෙයක් ගැන උවමනාවකින් කල්පනා නොකරද්දී හිතේ නළියන සිතුවිලි. ඒ සිතුවිලි මොනවා ද කියා අවධානයක් යොමු කළොත් කොතරම් නිශ්ඵල සිතුවිලි වලට අයෙක් තම මොළයේ කොතරම් ඉඩක් දී තියෙනවා ද කියලා අවබෝධයක් ලැබේවි. ඉතින් හිතන්න, ඒ සියළු සිතුවිලි ධනාත්මක වූ හා අරමුණක් ඉලක්ක කරගත්තා වූවා නම්?!!!
ඉබේම පහළ වන සිතුවිලි ගැන අවධානයක් යොමු කිරීමෙන් ඒවා ධනාත්මකව හසුරුවා ගන්න හැකියාවක් ද පටන් ගන්නවා. උදාහරණයක් මෙසේ ඉදිරිපත් කරන්නම්: තමන්ට නැති අනිත් අයට ඇති දෙයක් දකිනා විට (සිද්ධිය) සිතේ ඒ ගැන අප්‍රසාදයක්/මට ඒක නැහැ/ඕවා මොකට ද? යනාදී වූවක් (ඔටෝමැටික් සිතුවිල්ලක්) හට ගැනීම. එවිට සිතට දැනෙන්නේ දුක, ඊර්ෂ්‍යාව, කුසීත බවක් (චිත්ත ආවේගය) ඉන් මොළයේ හටගන්නා වූ අහිතකර රසායන සිරුර පුරා පැතිර යනවා. ඒ හැදියාවෙන් ගොඩ එන්න නම් තමන්ගේ සිතේ ඉබේම හටගන්නා සිතුවිලි ගැන අවධානයකින් ඉන්න ඕනා. ඇයි මේ අප්‍රසාදය? ඇයි මේ දුක? ඇයි මේ තරහ? ඒ ආවේග වලින් ඉවත් වෙන්න තමන් විසින් නිවැරදි ප්‍රස්තුත වලින් විචාරයක් කරන්න ඕන.
ඉබේම පහළ වන සිතුවිලි වලට අවධානයක් යොමු කිරීමෙන්, ඒවා පහළ වූ සැනින් හඳුනා ගෙන වෙනස් කරගන්න උත්සාහයේ තරමට, වෑයමේ තරමට පුද්ගලයාට ඊට හැකියාව ලැබෙනවා. කිසිම අවස්ථාවක දී, ලෝකයේ සිද්ධ වෙන ඕනෑම සිද්ධියක දී, වෙනත් අයෙක් ගැන හෝ තමන් ගැන වුව ද, අප්‍රසාදයක්, කෝපයක්, හෝ වේදනාවක් ඇති වීම නිසා ඒ ඍනාත්මක සිතුවිලි වලට අරක් ගන්නට තම මොළයේ ඉඩක් දීමෙන් අහිතකර රසායන නිපදවෙන්නේ ද තම මොළයේ ම යි. අහිතකර වූ ඍනාත්මක සිතුවිලි හඳුනා ගැනීමත්, තමා තුලින් ඒවා ඉවත් කර ගැනීමත් සත්‍ය ලෝකයෙන් බැහැර යාමක් නොවේ.

ධනාත්මක සිතුවිලි.

1 comments
මා විසින් සකස් කරනු ලැබූ මෙම ධනාත්මක සිතුවිලි වෙබ් අඩවිය ඹබගේ සිතුවිලි නව මාවතක් කර ගෙන යාම සදහා සකස් කළ එකකි. මේ සදහා මෙය පරිහරනය කරන සියලු දෙනාම මෙයට සහයෝගය දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.