Sunday, January 29, 2012

සිතුවිල්ලෙන් ධනවත් වෙමු.

1 comments
අපි හරි පුංචි දේකටත් අපේ හිත් රිදවගන්නව නේද... හිත් රිදුනම අපිට ඇඬෙනව. ඇස් වලින් කඳුළු පනින තුරු ඇඬුව කියල අපේ හිත් එහෙම පිටින්ම සැහැල්ලු වෙනවද,… නෑනෙ. හැමදෙයක් අවසානයෙම අපට ඉතිරිවෙන්නෙ හිත පිරෙන්න පසු තැවිල්ල විතරයි. අපේ අම්ම, තාත්ත වැරැද්දකට බැන්න කියමුකො. මොන තරම් හිත හොඳින් එයාලා ඒ දේ කලත් අපේ හිත රිදෙනවා. යාළුවෙක් අපිත් එක්ක තරහ වුණත් අපිට දුක හිතෙනවා. අපි හිතන දේ නොලැබී ගියාම, අපේ බලාපොරොත්තු සුන්වුනාම අපි දුක ළග දණ ගහනවනෙ. විභාගෙ ඉහළින් සමත් නොවුණත් එහෙමයි. අපි ආදරේ කරන කෙනාගෙ පුංචි වෙනස් වීමකුත් අපිට දරාගන්න බෑ. මෙකී නොකී හැමදේම නිසා, අපි ඇවිදින ජීවත්වෙන ඕනෑම තැනකදී අපිට දුක හිතෙනවා. කෑ ගහල අඬන්න හිතෙනවා. අද අපිට ආදරේ කරන කෙනෙක් බලන්න යන්න අපි ලස්සනට ඇඳගෙන පාරට බහිනවා. ඔන්න එතකොට මහා ධාරාණීපාත වර්ෂාවක් කඩාගෙන වැටුණොත් කොහොමද ... වැස්ස පරද්දන තරම් කඳුළු උනන දුකකින් අපේ හිත් යායම පිරෙන්නෙ නැද්ද...  මේ වගේ තව කොච්චර නම් ලොකු කුඩා දේවල් නිසා අපේ හිත් කඩාගෙන වැටෙනවද ...
අපිට පසුතැවෙන්න, දුක්වෙන්න, සුසුම් ලන්න මහ ලොකු දේවල්ම සිද්ධ වෙන්න ඕනෙ නෑ. හරි පුංචි දේකින්, සමහරවිට අපි හිතන්නෙවත් නැති දේකින් අපේ අහිංසක හිත්මල් යාය කඳුලින් වැහෙන්න පුළුවන්. අපිට අපිව එපාවෙන වෙලාවල් අනන්ත නැද්ද .... අපි මේ විශාල ලෝකයේ තැනක කාත් කවුරුත් නැතුව තනිවෙලා වගේ දැනෙන වෙලාවල් නැද්ද... මේ ජීවිතේ නැතිකරගන්න ඕනෙ කියල මේ ජීවිත කාලෙට අපිට කී පාරක් නම් හිතෙන්න ඇද්ද.... මේක අපි කාටත් පොදුයි. ජීවිතේම දුකක්, දුක නිවන්න ඕනෙ කියල සාසනේට බාර වෙච්ච ගරු හාමුදුරුවන් වහන්සේලාට පවා මේ ධර්මතාවය පොදුයි. හිතක් ඇතිව සිතිවිලි සමඟ ඉපදුන හැම මිනිහෙක්ම ජීවිතේ ගැන අනන්තවාරයක් කළකිරීම් එක්ක ජීවත් වෙලා තියෙනවා. ඉතිං අපිට මෙහෙම දුක්-කණගාටුව නිසා, කළ කිරීම නිසා, දොම්නස නිසා, පීඩනය නැත්නම් ආතතිය නිසා අහිමි වෙච්ච දේවල් වල වටිනාකම කවුරුවත් ගණන් බලල තියෙනවද ... එහෙම බැලුවොත් මේ මුළු විශ්වයටත් වඩා වටිනා දේවල් අපි ඔක්කොම එකතු වෙලා නැති කරගෙන ඇති. ඒක එහෙම වෙලා තියෙනවා. අපිට ඒත් අපිව සතුටින් ඉන්න උත්සාහයක් ගන්න පුළුවන්.ජීවිතයේ පසුතැවිල්ල නිසා අපට අහිමි වන දේවල් වලින් කොටසක් හරි ඉතුරු කර ගන්න උත්සාහයක් ගන්න පුළුවන්.

ලෝකය දිහා බලමු. ලෝකයේ මිලියන, බිලියන ගාණක් මිනිස්සු ජීවත් වෙනවනෙ. මේ මිනිස්සු ඔක්කොම ඉතාම සරලව ගොඩවල් දෙකකට වර්ග කරමු. සාර්ථක මිනිස්සු සහ අසාර්ථක මිනිස්සු කියල. එහෙම කරන්නෙ කොහොමද කියල අහන්න එපා.... අපි නිකමට හිතමු එහෙම බෙදන්න පුළුවන් කියල. අසාර්ථක මිනිස්සු කියන්නෙ ජීවිතේ අතහැරල ඔහේ ජීවත් වෙනවට ජීවත් වෙන මිනිස්සු. මේ අයට බලාපොරොත්තු, අරමුණු හරි, ඉලක්ක හරි නෑ. ඒ ගොල්ල ජීවිතය දෛවයට බාරදෙනවා.  ප්‍රශ්න විසඳන්න කාලයෙන් උදව් ඉල්ලනවා. තමන්ගෙ වටිනාකම තේරුම් ගන්නෙ නෑ. හැම වෙලාවෙම තමන්ව අවතක්ෂේරු කරගන්නමයි බලන්නෙ. තමන් දුර්වලයි, තමන්ට මොකුත් බෑ කියල හිතනවා. අලුත් දේවල් කරන්න පුංචි උත්සහයක්වත් ගන්නෙ නෑ. තමන් වටේට ඉන්න අයගෙ දොස් දකිනවා. සැක කරනවා. ඊර්ෂ්‍යා කරනවා. පළිගන්න හදනවා. සමාජයට බයයි. හීනමානයෙන් පීඩා විඳිනවා. බලන්න මේ අයගෙ ජීවිත අසම්පූර්ණයි. අනාගතය සුරක්ෂිත නෑ. ගෙදර දොරේ ප්‍රශ්න කන්දරාවයි. රැකියා ස්ථානයේ මොකක් හරි අවුලක්. බොරුවට මිසක් ලස්සනට හිනාවෙන්න බෑ. ලෝකයේ වැඩිපුරම ඉන්නෙ මේ වගේ අය.


හැබැයි අනිත් කණ්ඩායම, ඒ කියන්නෙ අපි සාර්ථකයි කියල වර්ග කරපු කණ්ඩායම එහෙම නෑ. ඒ අය අඳුන ගන්නෙ කොහොමද. අර අසාර්ථක පුද්ගලයෙකුගෙ අපි කතා කරපු ලක්ෂණ වල ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි මේ අයගෙ තිබෙන්නෙ. අරගොල්ලෝ ජීවිතය හැබැයි අනිත් කණ්ඩායම, ඒ කියන්නෙ අපි සාර්ථකයි කියල වර්ග කරපු කණ්ඩායම එහෙම නෑ. ඒ අය අඳුන ගන්නෙ කොහොමද. අර අසාර්ථක පුද්ගලයෙකුගෙ අපි කතා කරපු ලක්ෂණ වල ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි මේ අයගෙ තිබෙන්නෙ. අරගොල්ලෝ ජීවිතය අසුභවාදීව නැත්නම් රිනාත්මකව බලන මේ අයගෙ තිබෙන්නෙ. අර ගොල්ලො ජීවිතය අසුභ වාදීව නැත්නම් රිනාත්මකව බලන කොට මේ අය ජීවිතය සුභවාදීව නැත්නම් ධනාත්මකව බලනවා. ඒක හොඳයි. ඒක නිසා මේ අය නිතරම ඉන්නෙ. සතුටින්. මූණ පුරා ලස්සන හිනාවක් ඇඳී ගිය සුන්දර මිනිහෙක් හරි ගැහැණියක් හරි හිතින් මවා ගන්න බලන්න්. ඒ තමයි සුභ දේ හිතල ජීවිතේ සුභ කරගත්තු අය. අපි ආදර්ශයට, පාඩමට නැත්නම් උපදේශයට ගන්න ඕන මේ අය නේද. එතකොට මේ අය ජීවිතය සුන්දර කරගත්ත හැටියට
අපිටත් ජීවිතය සුන්දර කරගන්න පුළුවන්. අපිට ජීවිතය දින්නා කියල හිතෙන්නෙ එතකොට. අපි ජීවිතය දිනන හැටි ඉගෙන ගන්න අමුතු විද්‍යාවක් හෝ කලාවක් නෑ. ජීවිතයේ අපට හමුවන හැමදේම ක්‍රමවත්ව අභියෝගයක් කරගන්න එකයි කරන්න තියෙන්නෙ. ඒ අභියෝගයට යෝධ හයියෙන් හිත හදාගෙන මූණ දෙන එකයි හොඳම දේ. මේක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි අමාරු දෙයකුත් නෙවෙයි. ඉතාම සරළව විනෝදජනකව ආනන්දනීය ලෙස කරන්න පුළුවන්. ක්‍රීඩාවක් වගේ දෙයක් තියෙනවා. අපි ඒ ක්‍රීඩාවට ප්‍රවේශයක් ගමුද... "ධනාත්මක චින්තනය" Positive thinking             කියන වචනය දැන්නම් බර වැඩි වෙන එකක් නෑ. ජීවිතය ගැන සුභවාදීව හිතල සුභවාදීව ක්‍රියා කරන කලාව "ධනාත්මක චින්තනය" නැත්නම් Positive thinking කියල අපි කියමු.   මේකත් ලෝකයට අවුරුදු ගාණක් පරණ චින්තනයක්. හැබැයි මේක මේ මෑත ඉතිහාසයේ නිතර නිතර කතාබහට ලක්වෙන්න පටන් අරන් තියෙනවා. අපේ වගේ රටවල්, දුප්පත් රටවල් මේ ගැන අලුතින් කතාකරන ගත්තට දියුණු ලෝකයේ රටවලට නම් මේක අලුත් දෙයක් නෙවෙයි. ධනාත්මක චින්තනය ගැන ගොඩක් කතා කරපු, පොත්පත් ලියපු චින්තකයො ගොඩක් ලෝකයේ හිටියා. අදත් ඉන්නවා. මේ අය ධනාත්මකව හිතල ජීවිතය සරු කරගන්න ගොඩක් ශිල්ප ක්‍රම සහ ක්‍රමවේදයන් අපේ දෝතට දීල තියෙනවා. "ඩේල් කානගී " (DALE CARNGIE) කියන්නෙත් ඒ වගේම ධනාත්මකව ජීවත්වෙන හැටි ගැන පර්යේෂණ කරල පොත පත ලියපු කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, කානගී තමන් අදහපු ශිල්ප ක්‍රමය හෝ චින්තනය ප්‍රායෝගිකව භාවිත කරල ඉතාම සාර්ථක ප්‍රතිඵල ලෝකෙට දීපු කෙනෙක්.
“HOW TO STOP WORRYING AND START LIVING “කියන කෘතිය කානගීගේ විශේෂ අත්දැකීම් ගැන ලියවුනු එකක්. ඇත්තටම ඒ පොත කියවන ඕනෑම කෙනෙකුගෙ හිතේ ප්‍රාණයක් ඇතිවෙන බව තේරෙනවා. පසුතැවිල්ල නවතා දමා ජීවත් වෙන්න පටන් ගන්නෙ කොහොමද කියල මේ පොතෙන් කතා කරනවා. කානගීගෙ තවත් පොත් ගොඩාක් මම කියවල තියෙනවා. ඇත්තටම ඉගෙන ගන්න ගොඩාක් දේ තියෙනවා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ “ඩේල් කානගී” ගේ " HOW TO STOP WORRYING AND START LIVIN " කෘතිය තමයි.
අපි " GENERATION + " තුළින් මේ ධනාත්මක චින්තනය ගැන කතා කරන්න වෙනම පිටුවක් වෙන්කළා. හරි සරල දේ ඔයත් එක්ක බෙදාගෙන ඔයාගෙ ජීවිතයටත් නැවුම් ආශ්වාදයක්  අරන් එන්න අපිට පුළුවන් වෙයි. අපි ඉස්සෙල්ලාම ටික ටික පටන් ගමු. ඊට පස්සෙ අත්හදා බලමු. හැමදේම තියෙන තලයක ජීවිතය මල් පොහොට්ටුවක් වගේ පිපෙනවා  දැනෙන කොට ඔයාට ආඩම්බර හිතෙයිනෙ. ඔයගෙ මූණෙ හිනාවෙන් තමයි " GENERATION P + "  එළිය වෙන්න. ඔබට ධනාත්මක සිතුවිළි පහළ වන සුභවාදී හෙටක්!

1 comments:

Post a Comment