Saturday, February 11, 2012

සිනාසෙන්න

0 comments



සිනාමුසු මුහුණක් ඇතිකරගන්න.

විද්‍යාත්මක පරීක්ෂණ වලින් හෙලිවන පරිදි සිනහව මගින් endorphinsස්භාවික වේදනා නාශක හා සෙරොටොනින් නිදහස්වීමෙන් මිනිස්මොලයේ සතුට,ප්‍රමෝදය,යහපත් හැගීම් හා සුබවාදී සිතිවිලි කෙරෙහි බලපාන කොටසේ රසායන වෙනසක් ඇතිකරයි.මේ හේතුවෙන් ඔබ අසතුටින් සිටින මොහොතක වුවද සිතාමතා හෝ සිනාසීමෙන් ඔබේ චිත්ත ස්භාවය වඩාත් ධනාත්මක පක්ෂයට හරවාගත හැකිය.මේ අනුව,ඔබ සතුටින් පසුවන විට සිනාසෙන බව සැබෑවක් සේම ඔබ සිනාසේ නම් ඉන් අනායාසයෙන් සතුටද ජනනය වනු ඇත.

සිනාවන්ද විවිධාකාර වේ.සරලව ගතහොත් ව්‍යාජ හා අව්‍යාජ සිනාව නැතහොත් සැබෑ හෝ බොරු හිනාව ලෙසින් බෙදිය හැකිය.සිනා පහළ කර ක්ෂණයකින් අතුරුදහන්වන සිනාවකට වඩා මුහුණේ මදක් රැදී පැවතී කෙමෙන් මැකී යන සිනහව වඩාත් විශ්වසනීය වූ එකකි.එසේම සැබෑ සිනහව ඇරෙඹෙනුයේ දෑසෙනි.සිනාසෙන දෑස් පිළිබදව කවීන් එතරම් කතාකරනුයේ එහෙයිනි.

කුමන අරමුණකින් සිනාසුණද සිනහවක් මිනිස් චින්ත සන්තානය කෙරෙහි පුළුල් බලපෑමක් ඇති කෙරෙයි.
එසේම නාද වන දුරකථනයට පිළිතුරු දීමට ප්‍රථම මුවගට සිනහවක් නගාගන්න.එය ඔබේ ඇමතුම වඩාත් සුහදශීලී කරවනු ඇත.ලැබෙන ඇමතුම වඩාත් ප්‍රසන්න කරවනු ඇත.
තවද ඔබ මිතුරනුත් අතර මිත්‍රත්වය වැඩිවේ,නව මිතුරන් බිහිවේ සමාජයේ පළගැනීමට ලක්වේ.කෙසේ වතුදු ඔබේ සිනහව හුදු ආත්මාර්ථය ම පදනම් වූවක් නොවිය යුතුය.එසේම වඩා වටින්නේ අනුන් හා සිනාසීම ද නොඑසේ නම් අනුන් හට ඔබ විසින් සිතා බැලීම වටී.

0 comments:

Post a Comment