අපේ දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, අපේ ඥති හිතමිත්‍රාදීන්ගෙන් සමන්විත අපේ සමාජ වටපිටාවෙන් අපේ ජීවිතවලට හිමිවන බොහෝ දෑ අතරින් "ආකල්ප" විශේෂයි.
අප ළදරුවන් කාලෙ සිට අපට බැහැරින් එකතු වන ආකල්ප අප සමඟම වැඩෙනවා. කාලයත් සමග අපටම අනන්‍ය වූ ආකල්ප රාශියක් ජීවිතයට බද්ධ වෙනවා. අපට නොදැනීම මේ "ආකල්ප" මගින් අපේ ජීවිත පාලනය කරනවා. ඒ නිසාම ආකල්පමය රාමුවක් තුළ අපේ ජීවිතය සිරවෙනවා. ඒ අතරින් සමහර ආකල්ප මගින් ජීවිතය මන්දගාමී බවට පත් කරනවා. නමුත් ධනාත්මක, ශුභවාදී ආකල්ප ජීවිතය ජය ටැඹ කරා
රැගෙන යනවා.
"ජීවිතය දිනන්න" මොන තරම් ඕනෑකමක් ඔබ තුළ තිබුණත්, සමහර අශුභවාදී ආකල්ප ඔබට ඒ සඳහා ඉඩ දෙන්නේ නැහැ.
"මේ තමයි මම ලබා උපන් හැටි"
"කරුමය තමයි උරුමය"
"ඉන්න ටික කාලෙට ඔය තරම් දේ මොකටද?"
"වාසනාව නැතිනම් කිසි දෙයක් හරියන්නේ නැහැ"
මේ වගේ පරාජිත ආකල්ප නිසා ඔබ සිටින තැනින් අඩියක්‌වත් ඉදිරියට යන්නට ඔබට බැහැ. ඔබගෙ "දෛවය" පාලනය කරන්නෙ ඔබ තුළ කි¹ බැසගත් එවැනි ආකල්ප. ඔබ තුළ ඇති තවත් සමහර ආකල්පවලට තිබෙන්නේ අසීමාන්තික බවක්.
"කනවනම් ඇතිවෙන්න කන්න ඕනේ"
"සල්ලි කොපමණ තිබුණත් මදි"
මේ වගේ ආකල්ප තිබුණොත් ඔබ කොතරම් ඉදිරියට ගියත්, මොන තරම් දෙ අත්පත් කර ගත්තත් ඔබට සෑහීමක් නෑ. මොන තරම් ජයග්‍රහණයක් ලබාදී වුණත් සෑහීමක් නෑ. මොන ජයග්‍රහණයක් ළඟඳී වුණත් ඔබ ඉන්නේ අතෘප්තියෙන්, අසතුටින්. ජීවිතය දිනනවා කියන්නේ මුදල්වලින් ආඩ්‍ය වීම පමණක් නොවෙයි. සතුට, ආදරය, සැනසිල්ල, නිරෝගිකම මේ සෑම දෙයක්‌ම ජයග්‍රාහී ජීවිතයකට අයිති දේවල්. මොනතරම් ධනවත් බවක් තිබුණත්, ආකල්පවලින් ඔබ දුගී නම් ඔබ අසාර්ථකයි. ඒ නිසා ලද දෙයින් සතුටු විය හැකි ආකල්ප ඔබ ඇති කරගත යුතුමයි. එහෙම නොවුණොත් ජීවිත කාලය පුරාවටම ඔබ වෙහෙස මහන්සි වේවි. ඒත් ඔබට ඉතිරි වන්නේ වෙහෙසක්‌ම පමණයි.
ජයග්‍රාහී ජීවිතයක් පතන ඔබ ඔබේ පරාජිත ආකල්ප ජයග්‍රාහී ආකල්ප බවට පත් කරගත යුතුයි. ඔබේ අතෘප්තිමත් ආකල්ප තෘප්තිමත් ආකල්ප බවට පත් කර ගත යුතුයි.
නිතරම නැහැ - බැහැ කියන සෘණාත්මක ආකල්ප වෙනුවට "ඔව් මට පුළුවන් මට ශක්‌තිය තිබෙනවා" වැනි ධනාත්මක ආකල්ප ඇති කර ගත යුතුයි.
හුදු ආකල්ප වෙනස් කරගත් පමණින්ම ජීවිතය වෙනස් කරගත් මිනිසුන් ගැන ඕනෑ තරම් සාක්‍ෂි අතීතයෙන් වගේම, වර්තමානයෙන් ද සොයාගත හැකියි.
මිනිසාට කිසි දිනක ඉගිලෙන්නට බැහැයි ආකල්පයක් තිබූ යුගයක රයිට් සොහොයුරන් "ගුවන් යානය" නිර්මාණය කළේ ඔවුන් තුළ වූ ආකල්පමය වෙනස නිසාමයි.
"හෙන්රි ෆොඩ් මහතා පළමු "ෆොඩ්" රථය නිර්මාණය කරන විට ඔහු වටා සිටියවුන්ගේ ආකල්පය වූයේ සතුන්ගේ උදව් නොමැතිව කිසිදින රථයක් පදවාගෙන යා නොහැකි බවයි.
ලෝකය මවිත කළ ශේ්‍රෂ්ඨ නිර්මාණයන්ගේ හිමිකරුවන්, නව ආකල්ප නිර්මාණකරුවන් වූ නිසාමයි. ලොව දිනූ නිර්මාණ බිහි කළේ.
ඔබේ බාහිර පෙනුමට, ඔබේ පෝෂණ රටාවට, ඔබේ
රැකියාවේ ස්‌වභාවයට පවා ආකල්ප දැඩි බලපෑමක් ඇති කරනවා.
කාලයක් තිස්‌සේ මුල් බැසගත් ආකල්ප එක්‌වරම වෙනස් කරන්නට බැහැ. ඒතA දැඩි උවමනාවෙන් කැපවීමෙන් ක්‍රියා කළොත් පැරැණි සෘණාත්මක ආකල්පවලින් මිදී නව ධනාත්මක සුබවාදී ආකල්ප ඇති කරගන්නට පුළුවනි. ඒ සඳහා අවැසි පොතපත කියෑවීමෙන්, සරුසාර මතයක් ඇති නිවැරැදි කතා බහ ඇති මිනිසුන් ඇසුරු කිරීමෙන් ආකල්ප වෙනස් කරගන්නට පුළුවනි.
"ජීවිතය" වෙනස් කරන්නට පළමුව ඔබේ ආකල්ප වෙනස් කළ යුතුයි. මන්ද ඔබේ ආකල්ප ඔබේ ජීවිතය බවට පත් වන බැවිනි.
Blog Archive
Bottom 3
Bottom 2
By| Via POSITIVE THINKING
Thursday, May 24, 2012
Subscribe to:
Post Comments (Atom)
E wage hoda potha patha monawada thiyenne..
Harrah's Reno Casino & Hotel, Reno (NV) - Mapyro
Harrah's Reno Casino & Hotel is 파주 출장샵 Reno's best kept and 경산 출장샵 trusted destination 의왕 출장마사지 for fun, 상주 출장안마 friendly play, and great food. Book online 부산광역 출장마사지 or call now!