Nicholas James Vujicic
1982 වසරේ දෙසැම්බර් මස 4 වෙනි දින ඕස්ට්‍රේලියාවේ වෝයිඅචිච් යුවළ ආදරයෙන් ඔවුන්ගේ කුළුඳුල් දරුවාගේ උපත බලාපොරොත්තු වූහ. ඒ පැතුම් මල් පුබුදමින් පුංචි පුතෙක් මෙලොව එළිය දුටුවේය. උතුරා ගිය ප්‍රීතියෙන් යුතුව කිරිකැටි පුතු දෝතට ගත් මවට ඉබේටම කෑගැස්විනි.
"දෙවියනේ. . මේ මොකද ?"
ඇය හඬමින් ඇසුවේ සයනය වට කරගෙන සිටි රෝහල් කාර්යය මණ්ඩලයෙනි. ඒත් ඔවුන් නිහඬ ය. සිඟිති පොරෝණය තුළ උණුසුමට ගුලි වී සිටින පුතු දෙස අම්මා යළිත් ඕනෑකමින් බැලුවා ය.
"අත් කකුල් නැති පුංචිම පුංචි දරුවෙක්"
ප්‍රීතිය වසා ගත් දුකකින් බයකින් සහ අවිනිශ්චිතභාවයකින් සිත පිරී යද්දී ඇය පුංචි පුතු ආදරයෙන් තුරුළු කර ගත්තාය.
ඒ පුතු නිකලස් ජේම්ස් වෝයිඅචිච් ලෙස නම් කෙරුණි. ඒත් පවුලේ සියල්ලෝම ඔහු ඇමැතුවේ ‘නික්’ ලෙසයි. නික් ගේ ජීවිතය ආරම්භයේ පටන් ම අභියෝගයක් විය.
උපතින්ම දෙඅත් සහ දෙකකුල් අහිමිව උපත ලද නික් දෙස බැලූ බොහෝ දෙනෙකු ඔහුට අනුකම්පා කළේය. වෛද්‍යවරු මෙම අවාසනාවන්ත ඉරණම ටෙට්රා ඇමේලියා (Tettra – Amelia) නම් අතිශය දුර්ලභ රෝගී තත්ත්වය ලෙස හඳුන්වා දුන්නෝය.
නික් කළේ එකම එක දෙයක් පමණි. උදේ සිට හවස් වන තුරුම ඔහු දෙවියන් වහන්සේට යාඥා කළේය. ‘පුළුවන් තරම් ඉක්මනට මගේ අත් කකුල් මවලා දෙන්න’ විටෙක හඬමින් තවත් විටෙක තරහින් ඔහු දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියේය. නික්ගේ සිරුරේ පුංචි පතුල් දෙකක් පිහිටා තිබුණ නිසා ඔහු වරින් වර ඒ දෙපතුල් ආධාරයෙන් අකුරු ලියන්නට උත්සහ කළේය. ඒත් සැනෙකින් ඒ කරදරකාරී මහන්සිය ඔහුටම එපා වුණි.
නික්ගේ මවුපියන් පුංචි පුතු විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසලකට ඇතුළත් කළේ ජීවිතයට යළි බලාපොරොත්තු මැවීමේ අයිතිය පවරා ගනිමිනි. ඒත් යහළුවන්ගේ උසුළු විසුළු නික්ට මුළු ජීවිතයම එපා කරවීය.
"දවසක් මං කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං මගේ දිහා හොඳට බැලුවා. මට ඕන වුණේ ලස්සනයි කියලා පේන මොනවා හරි මගේ සිරුරෙ තියෙනවද බලන්න. මං මගේ ඇස් දෙක දිහා බලා හිටියා. ඔය තියෙන්නෙ තරු වගේ ඇස් දෙකක්. මගේ ඇස් ලස්සනයි. කාටවත් ඒක නම් වෙනස් කරන්න බැහැ කියලා මම මටම කියා ගත්තා. එතකොට මට අවුරුදු හයයි"
නිකලස් වෝයිඅචිච් මෑතකදී සිය කුඩා කළ මතකය අවදි කරමින් කියා සිටියේය. දැන් නික් තිස්හැවිරිදි තරුණයෙකි. නොහැකියාව ජීවිතයට ආශිර්වාදයක් කර ගත් අපූරු තරුණයෙකි. පුංචි කාලයේ දෙවියන්ගෙන් ඉල්ලූ අතපය තවමත් ඔහුට ලැබී නැත.
"ඒත් දෙවියෝ මට හොඳ ජීවිතයක් දුන්නා. හැමදේටම වඩා මට මේ ලෝකෙ හොඳම අම්මාව දුන්නෙ එයානේ. ඒ නිසා මම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා" නික් කියයි.
සැබවින්ම නික්ගේ මව ධෛර්යවන්ත කාන්තාවකි. අවාසනාවන්ත ඉරණමක් පෙරටු කර ගෙන උපන් නික්ට ඇය දෙවන වතාවටත් ජීවිතය දුන්නාය. වයස අවුරුදු 8 දී නික් සිය ආබාධිත බව නිසාම දැඩි මානසික පීඩාවකට ලක් වී සිටියේය.
ඔහු වරක් සියදිවි හානි කර ගැනීමටද උත්සහ කළේය. වයස අවරුදු 10 දී වතුරට පැන වතුරේ ගිලි මියයාමට උත්සාහ කළේය. නික්ගේ මව පුතුගේ හිත හැදීමට නොගත් උත්සහයක් නැත. දිනක් ඇය නික්ට පත්තර පිටුවක් දුන්නාය.
ඒ පත්තර පිටුව නික්ගේ මුළු ජීවිතයම වෙනස් කළේය. එහි වූයේ ආබාධ රැසක් සහිතව සතුටින් ජීවත් වෙන මිනිසෙකුගේ කතාවකි. මෙවන් ඉරණමකට මුහුණ දුන් ලෝකයේ එකම එක්කෙනා තමා නොවන බව නික්ට වැටහුණි.
"මාත් හැමෝටම ආදර්ශයක් වෙන්න ඕන"
පුංචි නික් එදා තීරණය කළේය. අද ඔහු ඒ ඉලක්කය ජයගත් ජයග්‍රාහී මිනිසෙකි.
ඔහු උනන්දුවෙන් ඉගෙනීම් කටයුතු කළේය.ලිවීමට මෙන්ම තනිව බොහෝ දේ කිරීමට ඔහු පුරුදු විය.පාසලේ නායකයා බවට මෙන්ම ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බවටද නික් තේරී පත් වුණි. ඔහු සිය යහළුවන් සමඟ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් සංවිධාන කළේය. වයස අවුරුදු 17 දී ඔහු ‘Life Without Limbs’ නැමැති සුබ සාධන ආයතනය ඇරැඹීය.
වයස අවුරුදු 21 දී නිකලස් වෝයිඅචිව් උපාධි දෙකකම හිමිකරුවෙක් වීමට තරම් වාසනාවන්ත විය. ඔහු උපාධි ලබා ගත්තේ ගිණුම්කරණය හා ආර්ථික කළමනාකරණය පිළිබඳවයි.
ඊළඟට නික් සිය ජීවිතය ජයගත් හැටි ලෝකයට කීවේ ජයගත නොහැකි අභියෝගයක් නොමැති බව පවසමිනි.
අද නිකලස් වෝයිඅචිච් ජනප්‍රිය දේශකයෙකි. සුබවාදී ආකල්ප ඇති කර ගැනීම පිළිබඳ නික්ගේ දේශන සඳහා දහස් ගණනක් දෙනා සහභාගී වෙති. නික් මේ වන විට රටවල් 25 කට පමණ ගොස් දේශන පවත්වා තිබේ.
ඔහු ලියූ ‘Life Without Limits’ පොත මෙන්ම ‘Life’s greater purpose’ සහ ‘No Arms – No Legs – No worries’ නමැති සුබවාදී අදහස් සහිත DVD පට සඳහාද ලොව පුරා ඇත්තේ අතිශය ඉල්ලුමකි.
නික් අසාමාන්‍ය මිනිසෙකි. නමුත් ඒ ඔහුගේ ආබාධිත බව නිසා ඇති වූ අසාමාන්‍ය බවක් නොවේ. ඔහු ඒ අභියෝගාත්මක ජීවිතය සිනහවෙන් දරා ගන්නා අසාමාන්‍ය මිනිසෙකි. අත් කකුල් ඇති අයෙකු මෙන්ම ඔහු ජීවිතය විඳින්නේය. ටෙනිස් ක්‍රීඩා කිරීම, පිහිනීම, බෙර වාදනය නික්ගේ ප්‍රියතම විනෝදාංශයි. ඔහු සියලු කටයුතු තනිවම ඉටු කර ගනී. දත් මදින්න, ඔළුව පීරන්න පමණක් නොව එකම එක වතුර බිදුවක් හෝ බිම නොහෙලා වතුර වීදුරුවකින් වතුර බොන්නත් නික්ට පුළුවනි.
නික් "The butterfly circus" කෙටි චිත්‍රපටයේ රංගනයෙන්ද දායක විය. එම චිත්‍රපටය සඳහා Method feat සිනමා සම්මාන උළෙලේදී ඔහු හොඳම නළුවා සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.
"මං පොඩි කාලෙදි හැමෝම මගේ දිහා අමුතු විදියට බලනවා මට දරාගන්න බැරි වුණා. මගේ අම්මා කිව්වා එහෙම බලන අය එක්ක හෙඳට හිනාවෙලා කතා කරන්න කියලා. ඇත්තටම එතකොට ඒ අයට වගේම මටත් මගේ ආබාධිත බව අමතක වුණා මොහොතකට.
ඒත් මට කවදාවත් අතට අත දීලා කතා කරන්නවත් කාවවත් වැළඳ ගන්නවත් බැරි වුණා. ඒත් ඒකටත් එක්ක දැන් මම වැළඳ ගැනීමේ මැෂිමක් වෙලා. මගේ දේශන වලට එන හැමෝටම ඕනෙ මාව වැළඳ ගන්න. එතකොට මම හිනාවෙවී පුටුවක් උඩට වෙලා ඒ ආදරේට ඉඩ දෙනවා"
නිකලස් වෝයිඅචිච් සුන්දර සිනහවක් මුවට නඟා ගනිමින් කියන්නේය. ඔහු අපේ කාලයේ ආශ්චර්යමත් මිනිසෙකි. කිසිදු අඩුපාඩුවක් නොමැති වූ අපූරු ජීවිතයක් ලබා තිබියදී පවා ඉන් ප්‍රයෝජන නොගෙන ජීවිතයෙන් පලා යන්නන් සිටින ලෝකයක නික් අසාමාන්‍ය ජයග්‍රාහකයෙක් වන්නේ ආකල්පමය වෙනසකිනි. ඒ හිතුවොත් කරන්න බැරි දෙයක් නැති බව නික් තරයේම විශ්වාස කරන්නෙකු නිසා ය.

ලොව දැනට බිහිවී සිටින සාර්ථකම ධනාත්මක චින්තකයෙක් ලෙස සැලකෙන නික් ගේ කතාව ඉහතින් අප සඳහන් කලේ පසුගියදා ඔහුගේ ජිවිතයේ සුවිශේෂී වෙනසක් සිදුවූ නිසාවෙනි.ඒ පසුගිය 12 වෙනදා ඔහු යුග දිවියට එළඹීමයි.

මේ අනුව ධනාත්මක චින්තනය දියුණු වන කාලවල ලෝක ප්‍රජාවට මහත් සැනසිල්ලක් උදා වනු ඇත. මිතුරුකම් වර්ධනය වනු ඇත. සිත්වල මෛත්‍රිය පදිංචි වනු ඇත. එකිනෙකාට උපකාරී වීමේ කැමැත්ත වැඩෙනු ඇත. සියලු මනුෂ්‍ය ප්‍රජාව එක ම මිනිස් පවුලක් යන හැඟීම වර්ධනය වනු ඇත. මේ අන්දමට මනුෂ්‍යත්වය හෙවත් මනසින් උසස් වීම ප්රත්යක්ෂයක් බවට පත් වනු ඇත. එබඳු සමාජවල ප්රජාතන්ත්ර පාලන ක්‍රම හොඳින් ක්‍රියාත්මක වේ. බුදුන් දවස ලිච්ඡවි රජුන් අතර මේ තත්ත්වය පැවැතිණි. බුදු හිමි ගේ සංඝ සමාජ රටාව ද මෙබඳු විය. “තමන් විසින්ම තමන් පාලනය කර ගනු ලැබීම” – එහි සාමාන්‍ය මූලධර්මය යි. ඒත් ඒ සඳහා ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම වන, සමඟියෙන් රැස් වීම, සමඟියෙන් අදහස් හුවමාරු කරගැනීම, වෘද්ධයන්ගේ හඬට කන්දීම, විරුද්ධවාදී මත ඉවසීම, අන්තිමට එළඹගත් තීරණ ක්‍රියාත්මක කිරීමේදී කවුරුන්ගේත් සහාය ඒවාට නොමඳව ලැබීම යන මූලධර්ම බලපා ඇති බව පෙනේ. එබඳු පාලන ක්‍රම උදෙසා ඍෂිවරුන් විසින් ප්‍රකාශිත අදහස් ඇතුළත් නීති ග්රන්ථ ද එකල විය. පංචතන්ත්‍රය, හිතෝපදේශය එබඳු ග්රන්ථ ය.
අත්ලාන්තික් සාගරය පිහිටි භූමිය ඉතා ඈත අතීතයේදී ධනාත්මක චින්තන ක්‍රමය නිසා දියුණුවෙන් අගතැන්පත් ව තුබූ පෙදෙසකි. එහි විසූවෝ අවශ්‍ය අපේක්ෂා ඉටු කරගැනීම පිණිස ඕනෑ ම අපරාධයක් කිරීමට පෙලඹීම වැනි හේතු නිසා එම මහාද්වීපය මූදේ ගිලා බැස ඇත (වර්තමාන ගවේෂණවලින් ද මේ බව තහවුරු වී ඇතැයි යෙති). මා මෙහි සඳහන් කළේ එක්තරා පුරාණෝක්තියක් හැටියට ය.
මේ තත්ත්වය ද අද ඊයේ හදිසියේ හටගත්තක් නො වේ; මනුෂ්යාභිවර්ධනයේ ආරම්භයේ සිට ම වැඩෙන්නකි. මුලදී බලවත් පිරිස, දුන්නෙන්, තෝමරයෙන්, කඩුවෙන්, තුවක්කුවෙන් තම බලය වර්ධනය කරගත්හ. ඒත් අද වන විට බෝම්බවලින්, පොකුරු බෝම්බවලින්, පරමාණු බෝම්බවලින්, රසායනික අවිවලින් සහ තවමත් හෙළි නොකළ භයානක උපක්‍රම මගින් තම ජයග්‍රහණ තිර කරගැන්මේ නිරතව සිටිති.
රජුන් අදමිටු වත්
දැන් මේ මහා අවුල බුදු හිමි දුටු සැටිය දැනගැනීම ප්‍රඥා ගෝචර ය, කියා සිතමි. ඒ අනුව හටගෙන, කලක් පැවැතී විනාශ වන සියල්ල හෙවත් ලෝක පිළිබඳ බලපෑම් කවුරුන් විසින් හෝ කරනු ලබන්නක් නො ව, සුබා දහමේ බලපෑමෙන් ඉබේ සිදු වන්නකි. එ බැවින් මේ ඍණාත්මක හා ධනාත්මක චින්තනවලට මනුෂ්‍ය සන්තානයේ පෙලඹීම සම්බන්ධයෙන්, පුද්ගලයන්ට දොස් පැවැරීමෙන් පලක් නැත.
ධනාත්මක චින්තනය කිසි යම් ප්‍රමාණයකට හෝ ඉදිරියට ගෙන යෑ හැක්කේ, මිනිස් මනසේ ධනාත්මක හෙවත් ගුණාත්මක බව වගා කිරීම මගින් පමණ ය. ඒ උදෙසා කළ යුත්තේ, සමථ – විදර්ශනා භාවනා වැඩීම ය. මෙකල අප රටේ සැලකිය යුතු පිරිසක් ඒ මඟට පිවිස සිටිති. එය සතුටට කරුණකි. බලවතුන්ගේ හෙවත් පාලකයන්ගේ යුතුකම වන්නේ, එබඳු සංවිධානවලට දිරි දීම හා තමනුත් ඒවාට බැඳී ධනාත්මක චින්තනය දියුණු කිරීම ය. තමන් ඍණාත්මකව හිඳිමින් එබඳු චින්තන රටාවක් තුළ ක්‍රියාත්මක වෙමින්, පූර්වෝක්ත ආයතනවලට දිරිදීම නම් විහිළුවකි. එය නළුවන් සෙළුවෙන් ඉඳගෙන ප්‍රේක්ෂකයන්ට සළු පැලඳවීමක් වැනි ය. මෝහය නිසා මේ ක්‍රියා සිදු වේ. ධනාත්මක ව සිතිය හැක්කේ මෝහයට ප්රතිපක්ෂ ප්‍රඥාව සිතේ වැඩීමෙකි. ඒ සඳහා භාවනා පුහුණුව හැරෙන්නට, තවත් කළ හැකි දේ ඇත. ඍණ බලවේග බාල කළ හැක්කේ, ඒ බලවේග උපදිනා තැන් දුබල කිරීමෙනි. ඒ සඳහා දුබල කළ යුතු ප්‍රධාන චෛතසික තුනක් දකිමි.